උස පුටුවක් එපා කොට පුටුවක් ඕනේ එතකොට තමයි ජනතාවයි මායි සමාන යැයි කෘෂි කර් ම   අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

තමන් අමාත්‍යවරයා ලෙස අසුන් ගැනීමට අමාත්‍යංශය සූදානම් කර තිබූ උස් පුටුව ඉවත් කිරීමට කටයුතු කළ බව කෘෂිකර් ම  අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

මම රටේ අනික් මිනිසුන් වාගේම බවත් නිලධාරින් හා සමානව සිටින බවත් මමත් සාමන්‍ය පුද්ගලයෙක් මිස ලොක්කකු නොවන බවත් ඒ මහතා කීය.

තම මේසය ඉදිරිපස ඇති පුටු හා සමාන වන මට්ටමේ පුටුවක් තමන්ට ද ගෙන්වා තබාගත් බව ද ඒ මහතා කීය.

තමන් ඉදිරිපස සිටින පුද්ගලයා තමන්ට සමාන කෙනෙක් මිස තමන්ට වඩා යටින් සිටින පුද්ගලයෙකු නොවන බව තමන් එයින් ප‍්‍රකාශ කරන බවත් ඒ මහතා කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න