අද අල්ලස් කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබා ලබා දීමෙන් අනතුරුව දහවල් ඉන් පිටව ගියේය.
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටිය දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (28) පෙරවරු 09.15 පමණ පැමිණියහ. රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 12.25ට පමණ අල්ලස් කොමිසමෙන් පිටත්ව ගොස් ඇත. ඉන් අනුතරුව ඔහු මාධ්‍ය වෙත විහේෂ පුකාශයක් කළේය.
අල්ලස් කොමිසමේ තොරතුරු ජනපතිට යන්නේ කෙසේද රනිල් ප්‍රශ්ණ කළේ ය.