IMF කිව්ව නිසා විදුලි බිල 18%කින් වැඩි වෙනවාද – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

IMF විස්තීරණ ණය පහසුකමේ ඊළග වාරිකය ලබා ගැනීම සඳහා විදුලි බිල 18%කින් වැඩි කළ යුතු බවට වාර්තා වෙන බවත් එය සත්‍යයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම විදුලි බිල 18%කින් වැඩි වන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වාරිකය ලැබෙන දිනය ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න