ශ්‍රි ලාංකීය මහ ජනතාවට හා දරුවන්ට සුරක්ෂිත ආහාර වේලක් ලබා දීමට කැපවූ මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂන් කුමාර විතානච්චි මහතා ඝාතනය කර දින 100 සපිරෙයි..ශ්‍රී ලාංකේය ප්‍රජාවට වස විස අවම සුරක්ෂිත ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් කැපවු මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර විතානච්චි මහතා නාදුනන තුවක්කු කරුවකු කරුවකු විසින් ඝාතනය කර අද දිනට (ජූනි 04) දින සියයක් (100)සම්පූර්ණ වෙයි.ශ්‍රී ලංකාව පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් මෙහෙයවන නඩු කටයුතු වෙනුවෙන් රාජකාරි මට්ටමින් සහ පෞද්ගලිකව සහාය ලබා දීමේ ප්‍රමුඛ කැපී පෙනෙන කාර්‍යභාරයක් රෝෂන් මහතා ඉටු කලේයවස විස අඩංගු ආහාර හා සීනි ලුණු තෙල් ආදී බෝ නොවන රෝග වැලදීමට හේතුවන ආහාර සම්බන්ධයෙන් ද මහජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත කටයුතු රැසක රෝෂන් මහතා මූලිකත්වය ගෙන ක්‍රියා කලේය .එවන් ඉදිරි ජාතික සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහනක් ඒ මහතා සැලසුම්.කරමින් සිටියේය. පාසැල්.දරුවන් ඇබ්බැහි වෙමින් පවතින ක්ෂණික ආහාර සංස්කෘතිය රෝෂන් මහතාගේ දැඩි විවේචනයට ලක්විය.මෙරට සමාගම්.හා පුද්ගලයින් පමණක් නොව බහු ජාතික සමාගම්.විසින් නිපදවා බෙදා හරින වැඩිහිටියන් ගේ සහ දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ආහාර සම්බන්ධයෙන් දේශන ,සාකච්ඡා,ප්‍රදර්ශන හා වැඩමුළු පවත්වමින් රට පුරා සංවිධාන ගත සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සිය සහෝදර නිලධාරින් සමග එක්ව ක්‍රියාත්මක කල ඒ මහතා සමාජ මාධ්‍ය ඇතුළුව සියලු ආකාරයේ මාධ්‍ය යොදා ගනිමින් එම ආහාර වල අහිතකර බව හෙලි කලේය. ඇතැම් ජනප්‍රිය සන්නාමවලින් අලෙවිවන ආහාර පාන වල පවා ඇති සෞඛ්‍ය අවදානම් තත්වය නොබියව පෙන්වා දිමට ක්‍රියා කල රෝෂන් මහතා ඒවා අලෙව් කිරීමට කෝටි ගණන් වැය කර සකස් කරන වෙළද දැන්වීම් පවා නිර්දය ලෙස විවේචනය කරමින් රසවත් ආකර්ශනීය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කලේය.ශ්‍රී ලාංකීය ප්‍රජාවේ ආකර්ශණීය හා ආදරය දිනාගත් චරිතයක් බවට පත් වෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවල මහජන සංවිධාන වෙතින් දැනුවත් කිරීමේ වැඩසටහන් සදහා ආරාධනා ලැබෙමින් පැවතින.ශ්‍රී ලංකාවේ දරුවන් මත්ද්‍රවය,දුම්වැටි හා මත්පැන් කෙරෙහි ආකර්ශණය කර ගැනීමේ සමහර නොපෙනෙන සැලසුම්.සම්බන්ධයෙනේ මහතා නිතර අදහස් පල කලේය.මත් ද්‍රවය ,දුම්වැටි හා මත් පැන් වලින් අපේ අනාගත පරපුර බේරා ගැනීම ඔහුගේ එක් සිහිනයක් විය.තවමත් පාසැල් යන කුඩා දරුවන් වන දියණියක සහ පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකු වූ රෝෂන් මහතා 2024.පෙබරවාරි 26 දින සිය නිවසේදී නාදුනන තුවක්කු කරුවකුගේ සාහසික වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.ඒ මහතා මරා දමා අදට (ජූනි 04) දින 100ක් සම්පූර්ණ වෙයි.මිය යන විට පනස් වන(50) වියේ පසුවූ රෝෂන් මහතා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වරයා ලෙස කටයුතු කරමින් අනාගත ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වුර්තියේ දැවැන්ත සාධනීය වෙනස්කම් ගණනාවක් සිදු කිරීම උදෙසා කැපවී සුබ සිහින දකිමින් සිටියේය.සටහන :ජානක සුනෙත් බණ්ඩාර