හිතවතුන්ට බාර් ලයිසන් අරන් දෙන්න
පොහොට්ටුවේ වගේ ම ඇතැම් සජබ මන්ත්‍රීවරුත්
බ්‍රෝකර් වැඩ කරලා..!
පොහොට්ටු පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරු තම හිතවතුන්ට අධික කොමිස් මුදල් යටතේ රජයේ බාර් ලයිසන් අරන් දීම සදහා තැරැව්කාරකම් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.
මේ බව හෙලි වී ඇත්තේ, මහනුවර වැනි ඇතැම් දිස්ත්‍රික්කවල ආගමික නායකයන්, එම ප්‍රදේශවල මත්පැන් අලෙවි සැල් විවෘත කිරීම සදහා අනුබල දෙන පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබදව සිදු කළ සොයා බැලීම්වලදී ය.
මෙහිදී මත්පැන් බලපත්‍ර හිමිකරගෙන තිබෙන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම, ඔවුන්ට ඒ සදහා උපකාර කලේ සජබ මන්ත්‍රීවරු බව පවසා ඇතැයි වාර්තා වේ.
මෙම තොරතුර අනාවරණය වීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුපිත වී ඇති බවත්, ඒ පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවත් පවසා තිබේ.
මීට අමතරව, පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව, විමධ්‍යගත අරමුදලින් විවිධ සංවර්ධන ව්‍යාපෘති සදහා රජයෙන් මුදල් ලබාගෙන ඇති බවට හෙළි වූ මන්ත්‍රීවරුන්ගෙන් ඒ පිළිබදව ප්‍රශ්න කරන බව සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා තිබේ.