“”බලය වෙනුවෙන් අපේ ආර්ථිකයේ හෙට දවසත් රටේ නිදහසත් ඉන්දියාවට පවර දීමට එරෙහිව එකතුවෙමු. ඉන්දියාවේ ඕනෑකම් වෙනුවෙන් ලාංකිකයන් හාමතේ තැබීම වහා නැවතිය යුතුයි. අපව ඉන්දියානුකරණය කරන්නට කැස කවන ඉන්දියානු අන්තවාදී නායකයන් මෙන්ම ඔවුන්ගේ ලාංකීය වහල් නායකයන්ටත් එරෙහිව එකතුවෙමු. “ඉන්දියාවේ භූ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ජාතික සම්පත්, ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන විකිණිම සහ ජාතික ආර්ථිකය ඉන්දියානු ගොදුරක් බවට පත් කරන එට්කා ගිවිසුම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවෙදි දේශප්‍රේමී ජාතික බලවේගයේ සංඛ චන්දිම අබේවර්ධන දැක්වු අදහස්.