ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ කලබල වන්නේ නම්, 2022 මැයි මස 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතා 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ඉතාමත් ආසන්නයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දන්වා තිබූ කොන්දේසි පිළිගෙන එතුමාව වහාම අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුතු බවත්, එම මතය ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේද මතය වන බව උන්වහන්සේට පැවසූ බවත්, එසේ සිදු නොකරන්නේ නම් තමන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ජනාධිපති මන්දිරය ඉදිරිපිට ගිනි තබා ගෙන අපවත් වන බවත්, ජනාධිපතිතුමාට දන්වන ලෙසට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ලබා දුන් දුරකථන ඇමතුමට අදාල පණිවිඩය සුගීෂ්වර බණ්ඩාර මහතා එතුමා වෙත දන්වන අවස්ථාවේ බිය වීමට හෝ කලබල වීමට ඉඩ තිබුණේ යයි විශ්වාස කරන බව සුගීෂ්වර බණ්ඩාර මහතා එහිදී ප්‍රකාශ කළේය.