ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ අප්‍රමාණ දූෂිත තත්ත්වයක් ගෙවී ගිය කාලය තුළ වර්ධනය වෙලා තියෙනවා.
ඒ අතරින් 1%ක් පමණ මතුවෙන අවස්ථාත් තියෙනවා.
නමුත් එය එසේ වන්නේ කොහොමද?
ලංකාවේ රාජ්‍ය නිලධාරින් සඳහා ආයතන සංග්‍රහයක් තියෙනවා.
විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විනිශ්චය පරීක්ෂණ සභා පත් කරන නෛතික ආවරණ තියෙනවා.
එහෙම තියෙද්දී මේ වගේ සිදුවීම් වෙන්නේ කොහොමද?
ඒ සඳහා අද හෙළිදරව් කිරීම සඳහා උදාහරණ දෙකක් මේ ලේඛනයට ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා.
හොරණ රබර් කර්මාන්තශාලාවට එදිරිව අසත්‍ය තොරතුරු සකසන ලෙසට කළුතර දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරයා ලෙස රාජකාරි කළ රුක්මන් කුමාර හේමචන්ද්‍ර මහතාට බලපෑම් කළේ යැයි චෝදනා එල්ල වී ඇති කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂඥ කර්මාන්තශාලා පරීක්ෂක හිටපු කම්කරු කොමසාරිස්වරයකු වූ දෙහිවල ලියනගේ අසෝක පීරිස් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදු වුණා.
මේ සිද්ධිය හෝරණ රබර් කර්මාන්ත ශාලාවක් අරඹයා මතු වුණේ.
අසත්‍ය තොරතුරු සකසන ලෙසට පහළ නිලධාරින්ට බලපෑම් කරන රාජ්‍ය ධුරාවලියක් ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා රාජ්‍ය ආයතන හරහා.
ඉඳහිට හෝ මෙවැනි සිදුවීමක් වාර්තා වන්නේ ඉතාම සුළුවෙන්.
නමුත් එවැනි කරුණු අරඹයා ඍජුව ක්‍රියාත්මක වන රාජ්‍ය ප්‍රතිපත්තිමය මූලධර්මය රකින බවක් පේන්න නැහැ.
අධිකරණ කටයුත්තකදී සාක්ෂි ලබාදෙන තැනැත්තන්ට බලපෑම් කිරීමත්, එකී කරුණු පදනම් කරගෙන යම් පාර්ශ්වයකට අගතියක් වන එනම් කර්මාන්තශාලා කළමනාකරණ අධ්‍යක්ෂක මේජර් සරත් විජේරත්න මහතා ඇතුළු අදාළ කර්මාන්තශාලාවේ නිලධාරින්ට අගතියක් වන ලෙස අසත්‍යය තොරතුරු ඉදිරිපත් කර ඇති බව අදාළ නඩු තීන්දුවේදී මතු වුණා.
සාක්ෂි විමසීමේදී මේ අගතිය පිළිබඳව හොරණ මහෙස්ත්‍රාත්වරයා මනා අවබෝධයකින් ක්‍රියා කර තිබෙනවා.
ඒ අනුව සිදු කර තිබෙන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විමර්ශනය සිදු කළ කළුතර අපරාධ කොට්ඨාශයේ අධිකරණය සිය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් අපරාධයක චූදිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ විමර්ශනයක් සිදු කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අධිකාරියටත් නියෝග කළා.
අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අනුව පරීක්ෂණ කළ කළුතර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් විමසා බැලූ මහේසත්‍රාත්වරයා ඉහත සැකකාර නිලධාරියාට පසුගිය තුන්වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණා.
නමුත් රාජ්‍ය නිලධාරින්ගේ පසුගාමීත්වය හා කල් ඉකුත් කිරීමේ ක්‍රමවේදයට අනුව ගත්තු ක්‍රියාමාර්ගවලට නෛතික ක්‍රියාමාර්ග හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය ක්‍රියාත්මක වීම අගය කළ යුත්තක්.
නමුත් මේ සැකකරු එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරල තිබුණා.
වෛද්‍ය වාර්තාව තම අධිකරණයට පිළිගත නොහැකි බව මහේස්ත්‍රාත්වරයා නිගමනය කර තිබුණා.
ඉන් අනතුරුව පසුගිය කාලයේදී අධිකරණයට බාර වූ සැකකරු දින දෙකකට රක්ෂණ බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
ඉන් පසුව නඩුව කැඳවූ අවස්ථාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා හා කර්මාන්තශාලා හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙහාන් ද සිල්වා මහතා දීර්ඝ ලෙස දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස හිටපු කම්කරු කොමසාරිස් ජෙනරාල් ආර්. පී. ඒ. විමලවීර මහතාට තම විමර්ශන කොට්ඨාශය දක්වා තිබුණා.
එම නීති උපදෙස් ලබාගැනීමට නොහැකිවීම හේතුව මත පැමිණීමට නොහැකි බව දන්වා ඇතැයි විමර්ශන නිලධාරින් ඉන් අනතුරුව අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ වන විට නොපැමිණියහොත් නඩුවේ සැකකරු ලෙස ඔහුව නම්කර අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ට නියෝග කර තිබුණා.
2018.04.19 දින හොරණ වැල්ලපිටියේ පිහිටි එස් ඇන්ඩ් සිලිටඩ් සමාගම් පරිශ්‍රය තුළදී එම සේවකයින් දෙදෙනෙකුගේ මරණය සිදුවී ඇත්තේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ආයතනය විසින් සපයා ඇති ආරක්ෂිත උපකරණ නොපැළඳ මරණකරුවන් අපරීක්ෂාකාරීව කටයුතු කිරීම නිසා බව සාක්ෂි සටහන් කර පැවැත්වූ විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා.
කර්මාන්තශාලා පාලනාධිකාරිය හෝ සෙසු නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර නොගත යුතු බවත්, පෙර කී දිස්ත්‍රික් ඉංජිනේරු හේමචන්ද්‍ර මහතා කම්කරු දෙපාර්තමේන්තුවට ලිඛිතව වාර්තා කර තිබුණා.
අසත්‍ය වාර්තා ඉදිරිපත් කර හෝ එම කර්මාන්තශාලා නිලධාරින්ට විරුද්ධව අපරාධ නඩුවක් පවරන ලෙසට පියවර ගන්නැයි සැකකරු විසින් සාක්ෂිකාර දිස්ත්‍රික් ඉංජිනේරු වරයාට ලබාදුන් උපදෙස් පිළිනොපැදවීම නිසා සාක්ෂිකරු තනතුරෙන් පහත දමා ස්ථාන මාරුවක් ලබාදීමට පියවරගෙන තිබූ අතර තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් හේමචන්ද්‍ර මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඒ වන විට පැමිණිලි කර තිබුණා.
සැකකරු සිය රාජකාරිය අනිසි ලෙස බලපෑම් කළ දුරකථන ඇමතුම්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට කළුතර දිස්ත්‍රික් ඉංජිනේරු හේමචන්ද්‍ර මහතා පියවර ගැනීම නිසා එවකට කම්කරු කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස කටයුතු කළ ආර්. පී. ඒ. විමලවීර මහතා විසින් ඔහු වැඩතහනමකට ලක් කර තිබෙනවා.
ඉදිරිපත් වූ සියලු‍ කරුණු සලකා බැලූ හොරණ මහෙස්ත්‍රාත් චන්දන කළංසූරිය මහතා කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවෙන් එම කර්මාන්තශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ සරත් විජේරත්න ඇතුළු නිලධාරින් නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය මාර්තු 29 වැනිදා නියෝග කර තිබුණා.
දිස්ත්‍රික් ඉංජිනේරුවරයාට හා කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වයට සිදුවී ඇති යුක්ති සහගත නොවන ක්‍රියාමාර්ග වැලක්වීමට හා දිස්ත්‍රික් ඉංජිනේරු හේමචන්ද්‍ර මහතාගේ රාජකාරියට බාධා කළ නිලධාරින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයාට නිර්දේශ කර තිබුණාත් ඒවා ක්‍රියාත්මක කර නොමැති බව අධිකරණයේදී අනාවරණය වුණා.
මේ පාදඩ රාජ්‍ය පරිපාලනයේ එක් පැතිකඩක් පමණයි.
මෙවැනි සිදුවීම් රට පුරා අප්‍රමාණව සිදුවී තිබෙනවා.
නමුත් යථාර්ථය කුමක්ද?
දිගින් දිගටම මෙවැනි කරුණු කාරණා දිගුවෙමින් තියෙන්නේ රට් පරිපාලන නිලධාරින්ට ආයතන සංග්‍රහයක් තිබෙන පසුබිමක.
මේ සම්බන්ධව විනය කටයුතු කිරීමට ලංකාවේ අද්දැකීම් විනයකාර්ය පිළිබඳ අවබෝධයක් ඇති පරීක්ෂණ මණ්ඩල ඒකපුද්ගල මණ්ඩල තිබෙන පසුබිමක් හමුවේ.
විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ සඳහන් සීමිත කරුණු අනුගමනය කරමින් රාජ්‍ය මූලධර්මයන් රැකීමට රාජ්‍ය ඉහළ පෙළේ නිලධාරින් ක්‍රියාකරන පරිසරයක් තියෙනවද?
එහෙම නැතිකමේ ප්‍රතිඵලයද මේ අප අත් විඳින්නේ.
විධිමත් විනය පරීක්ෂණ පැවැත්වීමේ පටිපාටියට සාක්ෂි ආඥා පනතේ හා සිවිල් නඩු විධාන සංග්‍රහයේ දැක්වෙන අධිකරණ ක්‍රියාවලියේදී අනුගමනය කරනු ලබන පාටිපාටියම මූලධර්ම පදනම්ව මේ විනය පරික්ෂණ මණ්ඩල ක්‍රියා කරනවාද?
එකී මූලධර්ම පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව ආයතන සංග්‍රහයේ දැක්වෙන කාර්ය පටිපාටිය තුළ යෝධයකු සේ සැගවී සිටින බව මෙවැනි හෙළිදර්වවලින් මතුවන්නේ නැද්ද?
විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමේදී සාක්ෂි ආඥා පනතේ සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ දැක්වෙන විධිවිධාන විධිමත් විනය පරීක්ෂණය පැවැත්වීම හේතුවෙන් ක්‍රියා කරනවා නම් මෙවැනි තත්ත්වයක් උද්ගත වෙනවද?
ආයතන සංග්‍රහයේ දැක්වෙන විධිවිධාන කෙරෙහි බලපැම් කර ඇති ආකාරය පිළිබඳව හෙළිපෙහෙලි කරමින් ඒ ආශ්‍රිත නඩු තීන්දු රටක ප්‍රසිද්ධ කරන පරිසරයක් නැත්තේ ඇයි.
විධිමත් විනය පරික්ෂණයක් පැවැත්වීමේදී සාක්ෂි ආඥා පනතේ සහ සිවිල් නඩු විධාන පනතේ දැක්වෙන පටිපාටියම මූලධර්ම පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතු ද යන්න සම්බ්නධයෙන් විවිධ මති මතාන්තර තිබෙන්න පුළුවන්.
නමුත් විධිමත් විනය පරීක්ෂණයක් රාජ්‍ය සේවකයකුගේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයකුගේ රාජකාරි ජීවිතය පෝරකයට ගෙන යා හැකි ආකාරයේ පරීක්ෂණයක් විය යුතු නැහැයි කියලත් කියන්න පුළුවන්.
විධිමත් විනය පරීක්ෂණයක් යුක්ති සහගත ලෙස සාධාරණ ලෙස සිදුවෙන රාජ්‍ය ධුරාවලියක් රට තුළ තිබෙනවා නම් මෙවැනි පසුබිමක් ගොඩනැගීමට හැකිද?
හැකි සැම අවස්ථාවකදීම අධිකරණ ප්‍රමීතීන්ට අනුව විනය පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවයෙන් බැහැරව සිදුවන මෙවැනි පරිසරයක් කරුණු කාරණාවලින් හෙළි නොවන්නේද?
විධිමත් විනය පරීක්ෂණයක් යුක්ති සහගත සාධාරණ ලෙස පැවැත්වීමට නම් අධිකරණ ප්‍රමීතීන්ට අනුව පැවැත්විය යුතු බව එවැනි පරිසරයක් රාජ්‍ය පරිපාලනය තුළ තිබේ නම් ඇතැම් නිලධාරින්ගෙන් අයුතු සහගත ලෙස බලපෑම් සිදුවෙන තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්ද?
සාක්ෂි ආඥා පනතේ හා සිවිල් නඩු විධාන සංග්‍රහයේ දැක්වෙන අධිකරණ ක්‍රියාවලියන් වලදී අනුගමනය කරනු ලබන පටිපාටියම මූලධර්මවලට සම්පූර්ණයෙන් අනුකූලව ක්‍රියා කරන විනය පරීක්ෂණ මණ්ඩල විධිමත්ව ක්‍රියාත්මක වන්නේ නම් රාජ්‍ය දුරචාරය බොහෝ විට සීමා වන්නට පුළුවන්.
නමුත් ලංකාවේ රාජ්‍ය නිලධාරින් තුළ යුක්ති සහගත සාධාරණ ලෙස මහජන සේවයක් සිදු නොවන පරිසරයක් උද්ගත වී ඇත්තේ විධිමත් විනය පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවයේ මූලික හරය බිඳ වැටී තිබෙන වපසරියක් නිසා නොවේද?
සාක්ෂි ආඥා පනතේ හා සිවිල් නඩු විභාග සංග්‍රහයේ දැකවෙන විධිවිධාන ආභාෂයට ගත හැකි බව බොහෝ විට දැනගෙන එය නොසලකා හරින විනය පරීක්ෂණ මණ්ඩලවල වපසරිය නිසා බොහෝ විට තවදුරටත් රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයින්ගේ හැසිරීම භාවිතයට අනුගත වෙමින් ක්‍රියා කරන පරිසරයක් හමුවේ ජනතාව අගතියට පත්වෙලා තියෙනනවා.
කරුණු කොහොම හරිම මේ තත්ත්වය තවදුරටත් ගැටලු‍ සහගත තත්ත්වයකට පත් වන්නේ පසුගියදා විගණකාධිපති කරපු ප්‍රකාශයක් අනුව.
එම ප්‍රකාශය නම් රාජ්‍ය ආයතනවලට අදාළව විගණකාධිපතිවරයා කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම දුර්වල තත්ත්වයක පවතින බව විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා පැවසීම නිසයි.
විගණකාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය අගෝස්තු 29දා පැවති රාජ්‍ය ගිණුම්කාරක සභා එහෙම නැත්නම් කෝපා කමිටුවේ සම්මාන උත්සවයකදී.
මේ සම්බන්ධයෙන් සොයා බලා එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් නීතිමය වශයෙන් තිබෙන බැඳීම තවදුරටත් ශක්තිමත් කළ යුතු බව විගණකාධිපතිවරයා එහිදී යෝජනා කළා.
යම් වාර්තාවක් මගින් විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන නිර්දේශ ඇත්තටම වැදගත්.
එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම අදාළ ආයතනයේ වගකීමක්.
නමුත් එම නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක කෙරෙන්නේ නැති පරිසරයක් මතු වෙලා තියෙන්නේ ලංකාවේ රාජ්‍ය ධුරාවලිය මුළුමනින්ම දූෂිත වී තිබෙන නිසා නොවේද?
ඒ නිසා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම නිසා සමහර විගණන පරීක්ෂණ අඛණ්ඩව වාර්තා කිරීමට සිදුවෙන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.
පිළිගත හැකි තත්ත්වයක් නොවන මේ තත්ත්වය ඉතාම ගැටලු‍ සහගත තත්ත්වයකට තල්ලු‍ වී තියෙන්නේ රටේ දේශපාලන ඉහළ පාලන අධිකාරිය ඒ සඳහා ක්‍රියා නොකරන පරිසරයක් තුළයි.
රාජ්‍ය දුරාචාරය දේශපාලන අධිකාරින්ට තවදුරටත් පවත්වාගෙන යෑමේ ලැදියාව නිසා මේ සියල්ලක් ප්‍රලාප බවට පත්වෙමින් නිහඬවන සමාජ පරිසරයක් සමාජය පුරා උද්ගතවෙමින් තියෙනවා.
වසර තුනක් ක්‍රියාත්මක නොවූ පරීක්ෂණ සියල්ලක් ඇතුළත්ව ත්‍රයිමාසික වාර්තාවක්ද විගණන කාර්යාල මගින් නිකුත් කරනවා.
ඒ නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කෝප් මෙන්ම කෝපා කමිටුවෙන් ක්‍රියාත්මක විය යුතු වපසරිය දැන් වසර ගණනාවක සිට පසුගාමී තත්ත්වයක තියෙන්නේ.
විගණන කාර්යාලය වසරකට විගණන වාර්තා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා.
නමුත් ඒ සඳහා විධිමත් රටාවක් දක්නට ලැබෙන්නේ නැහැ.
2200ක් පමණ වන ආයතනවල වාර්තා සකස් කිරීමට ඉන්නේ 1200ක් පමණ සුළු කාර්යමණ්ඩලයක් බව විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එම වාර්තා භාෂා තුනෙන්ම සකස් කළ යුතු වෙන බවත් ඒ සඳහා විගණන කාර්ය මණ්ඩලය විශාල වගකීමකට බැඳී ක්‍රියා කළත් ඒ සම්බන්ධව කිසිම රාජ්‍ය අධිකාරියක් ඇගයීමට ලක් නොවන පරිසරයක් උද්ගත වී තිබෙන්නේ ඇයි?
ඒ කියන්නේ කරුණු කොහොම වෙතත් තවදුරටත් රාජ්‍ය දුරාචාරය දිගු විය යුතු බව පැවති හා පවතින ආණ්ඩුවල කාර්ය භාරය වී තිබෙන නිසයි.
මේ වන විට කෝපා කමිටු සභාපති වන්නේ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයයි.
මේවා දිගින් දිගටම මෙසේ වෙන්නේ ඇයි මේ පිළිබඳව ක්‍රියා නොකරන සමාජ වපසරිය වර්ධනය වී ඇත්තේ ඇයි?
විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේදී සැලකිල්ලට ගත යුතු නිර්නායකයන් හා ප්‍රමාණවත් තොරතුරු ආයතන සංග්‍රහයේ සඳහන් වී තිබෙනවා.
නමුත් ඒ අනුව රාජ්‍ය ආයතනවල නොසැලකිලිමත්කම නිසා විධිමත් විනය පරික්ෂණයක් පැවැත්වීමේ සැබෑ අවශ්‍යතාවයන් ඒ ඒ අමාත්‍යංශවලින් මනාව ඉටු වෙනවාද කියන එක ඉතාම ගැටලු‍ සහගත තත්ත්වයක්.
දූෂිත තොරතුරක්ලැබුණු විට විගණකවාර්තාවකින් පරීක්ෂණ කොමිෂන් වාර්තාවකින් පැන නගින කරුණු මත මූලික විනය පරීක්ෂණයක් සඳහා යොමු කිරිම රාජ්‍ය බලධාරින්ගේ වගකීමක්.
ඒ වගකීම මනාව ඉටු නොවන පරිසරය හමුවේ 1%ක් පමණ අහම්බෙන් ඉහත සඳහන් තොරතුරු අනාවරණය වන සුළුයි.
නමුත් මේ පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් ගොනුවිය යුතු බව අපගේ අදහසයි.
ඒ සම්බන්ධව අපි තවදුරටත් ඉදිරියේදී කතා කරමු. සංවාද කරමු.
ඉදිරියේදී තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න