මෙරට සියලු සෞඛ්‍ය වෘත්තිකයන් වෘත්තීන් අතර මනා අවබෝධයකින් කටයුතු කිරීම ප්‍රශංසනී ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන් වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරීය සහ වගකීම අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වරයා පැවසී ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය රසායනාගාර කාර්මික සහායක සේවා නියුක්තිකයන්ගේ සංගමය යන වෘත්තීය සංගම් වල නියෝජිතයන් සමග පැවති සාකච්ඡාමය අවස්ථාවේදී ය.
සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග අඛණ්ඩ ව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසමින් එයට කඩිනම් විසදුම් ලබා දීම සහ සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස් යෝජනා සහ දායකත්වය ලබාගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡාමය වැඩසටහන් මාලාවට අනූව මෙම සාකච්ඡාවන් පැවැත්විණි.
සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපාන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමෙන් සහ ඔවුන් සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් වැඩවර්ජන උද්ඝෝෂණ වලින් තොර කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බව ද මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා වෘත්තීය නියෝජිතයන් හමුවේ පෙන්වා දුන්නේ ය.
ආයුර්වේද ක්ෂේත්‍රයේ මෙන්ම රසායනාගාර කාර්මික සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය වෘත්තිකයන් වර්තමානයේ පවතින විවිධ දුෂ්කරතාවයන් මගහැරගනිමින්, එයට මුහුණ දෙමින් තමන් වෙත පැමිණෙන රෝගියා අපහසුතාවයට පත් නොකොට තම සේවාව උපරිමයෙන් ලබා දීමට කටයුතු කිරීම විශේෂ පැසසුමට ලක් කල යුතු කරුණක් බව හෙතෙම කීය.
වෘත්තීය සමිති නියෝජිතයින් මෙහි දී ඉදිරිපත් කරන ලද බොහොමයක් වෘත්තීය ගැටලු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව ද පැවසී ය. එම ගැටලු වලට විධිමත් සාධාරණ විසඳුම් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවසී ය.
මෙම සාකච්ඡාමය අවස්ථාවන් සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ.පී. යෝගචන්ද්‍ර, ෂම්මි දෙනාවත්ත, සමන්ති රණසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි යන මහත්ම මහත්මීන් ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද සහභාගි වූහ.