උපුටා ගැනීම,

” සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අං එන මීහරක් පැටව් වහා බැඳ දමනු මැනවි.

ජනතාව මහත් බලාපොරොත්තු තබා ගෙන පිහිටුවන ලද NPP ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට අනුර සහෝදරයා යන මග ගැන අබ මල් රේණුවක තරම් වත් දැනීමක් නැත.ඔවුන් උද්ධච්ඡ ලෙස හිස උදුම්මවාගෙන වැඩ කරති.හැසිරෙති .වචන පාවිච්චි කරති.
ඒ අයගේ නා නා ප්‍රකාර ලේකම්වරු ,පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමහරුද ඒ ලෙසින්ම.උඩින් යාමට පටන් ගෙන සිටින විප්‍රකාරී අත්දැකීම බලය ලැබී සුළු කාලයකින්ම පටන් ගත් ලෙඩකි.
ඒත් නලින්ද ජයතිස්ස සහෝදරයා එදා මෙන්ම අදත් නිහතමානීය. ඔහු ඇඳ ගත්තේ නැත.ඇඳ ගන්නේත් නැත.
ඒත් නලින්ද ට හොරෙන් නලින්දගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමහර ලේකම්කරුන්ද ඇතුළුව කීප දෙනෙක් දැන් ඇඳ ගෙන වෙස් පෙරලී නාඩගම් නටන්නට පටන් ගෙන තිබේ.
ඔවුන් වෙනදා මෙන් සිනා නොවෙති. සවන් නොදෙති.තමන්ට අදාල නැති වලංගු නැති වපසරියක ඉන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් රැස් පෙන්නති.වහසි බස් දොඩති. අං ආවා සේ හැසිරෙති.
කිසිම කෙනෙක් ගණන් නොගනිති.
මේ තත්වය හමුවේ නලින්ද කොතරම් හොඳ පොලොවේ පය ගසා සිටින මිනිසෙකු වුවත් ඔහුගෙන් කෙමෙන් කෙමෙන් සෞඛ්‍ය සේවයේ ප්‍රගතිශීලී න් දුරස් වෙමින් සිටිති. දිනෙක ඒ අය නලින්දටත් වලංගු නොවී විරෝධය දක්වමින් නැග එනු ඇත.ඇත්තටම නලින්දට තමන් නොකල වරදකට වන්දි ගෙවීමට සිදුවීමට ඉඩ ඇත.
එබැවින් නලින්ද සහෝදරයා , ඔබේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටිනා අං ඇවිත් තිබෙන අය සොයා බලා ඉවත් කිරීම හෝ බැඳ තැබීම කරන්න .
කල් බැලීම,ප්‍රමාදයට පසු තැවීමට හේතුවක් විය හැකිය.”
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන නලින්ද ජයතිස්ස සහෝදරයා පෙරටත් වඩා මේ අයගැන සොයා බැලීම කල යුතුයි “

උපුටා ගැනීම අවසන්.

මෙහි සත්‍ය අසත්‍ය බව අප විමසා නැත .එහෙත් මේ කරුණ සෞඛ්‍ය අමත්‍යවරයාගේ සහ අනෙක් සෞඛ්‍ය බලධාරීන් ගේත් මේ සමූහයේ සිටින සෞඛ්‍ය අමත්‍යතුමාගේ පෞද්ගලික කාර් ය මණ්ඩලයේ හිතවතුන්ගේත් කඩිනම් අවධානය පිණිසයි

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න