නියමයි මචං..එලකිරි වැඩක්..උඹ නං කයියනායක කෙනෙක් නෙවෙයි. රජගෙදර පරෙයියාට වඩා සැප විඳින බොරැල්ලෙ බෝ ගහ ලඟ පරෙයි. සැපත් , බොරැල්ලෙ බෝ ගහ යටත් අතරෙ සම්බන්ධෙ මොකක්ද කියල අහන්න එපා.ඒක දන්නෙ ඉතින් මේ ගෙන්දගම් පොළොවෙම තෙම්පරාදු වෙච්ච අය විතරමයි.කොහොම වුනත් සැප හොයාගෙන බොරැල්ලෙ බෝ ගහ යටට ඇවිත් හොර ගල් ඇහිඳපු අයගෙන් ලෙඩක් දුකක් මරණයක් නොවී බේරුනෙ “කෝට් දාල නාන්ඩ කැමති වෙච්ච අය” විතරමයි හොඳේ. මේ සැප ඒ සැප වගේ නෙවෙයි. පරෙයි සැප. මං දන්න කාලෙ ඉඳන් මේ බෝ ගහ යට පරෙයියො දාහකට විතර රජ මගුල්.රජ සැප. සමහර පරෙයියො නානව,කන්ඩ බොන්ඩ ඕන තරම්.එතන පරෙයි රජ දහනක්. කවුරු හරි පිළිවෙලට පරෙයියන්ට කන්ඩත් බොන්ඩත්,නාන්ඩත් හදල දෙනව කියල දවස ගානෙ මාත් දැක්ක. අද උදේ හතට විතර මං ඒ පරෙයි සැපේ නිර්මාතෘ දැක්ක.සමහර විට ඒ පරෙයි සැප ,සුව සෙත සදන කණ්ඩායම් කෙනෙක් වෙන්නත් පුලුවන් . එයා නියම වැඩක් කලා. කුරුල්ලන්ට වතුර බොන්ඩ දෙන ගොඩ දෙනෙක් තමන්ගෙ වත්තෙ වත් තියෙන තැටියෙ ,භාජනේ හෝදන්නෙ නෑනෙ. ඒ නිසාම ඒ ගෙදර හරි අල්ලපු ගෙවල් වල අය හරි ඩෙංගු හැදිල මැරුණ සිද්ධි අපි දන්නවනේ. ඒත් බොරැල්ලෙ පරෙයියන්ගෙ වතුර එක re fill කරන්න කලින් ඒක හොඳට පොල් මුඩ්ඩකින් අතුල්ලල,සබනුත් දාල අතුල්ලල ආයෙ හෝදා ඇරල තමයි මේ මිත්‍රය පරෙයි වතුර බේසම පිරෙව්වෙ. රට වෙනුවෙන් අරක කරනව,මේක කරනව කියල ලොරි ටෝක්ස් දෙන අය බස් එකෙන් ,වාහනෙන් යන ගමන් ටොපි කොලේ ඉඳල කුණු මල්ල දක්වා කුණු ගොඩවල් පාර පුරා විසි කරන රටක, තමන්ගෙ ගෙදරත් දැන දැනම ඩෙංගු තවාන් හදාගෙන එකා එකා වටේ අයත් මැරෙද්දී ආණ්ඩුවලටම බැණ බැණ ඉන්න බොරු දේශප්‍රේමීන්ට වඩා උඹ වටිනව රටට මිත්‍රය. අන්න එහෙම උන් වැඩි වැඩියෙන් බෝ වුනොත් විතරයි ලංකාවෙ ඩෙංගුත්,ඩෙංගු මරණත් අඩු කර ගන්න පුලුවන් . එහෙම නැතුව ඕන්නං තමන්ගෙ ගේත් ,වත්තත්,ඔෆීස් එකත් ,ගමත් ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් සුද්ද කරල දෙනකල් බලා ඉන්නත් පුලුවන් . ඒත් එහෙම බලා ඉන්න තත්පරයක් තත්පරයක් ගානෙ ඩෙංගු මදුරුවා අපට හිනාවෙන්නෙ කටින් විතරක් නම් මදෑ.. ඒකයි මේ තරුණ මහත්මය වගේ අය අපේ රටට වටින්නෙ. ජානක සුනෙත් බණ්ඩාර 2025.02.16 බොරැල්ල හන්දියේ බෝ ගහ යටදී..

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න