විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යහපාලන ආණඩුවේ අමාත්‍ය ධුරය දරණ කාලයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි ගාණක මුදල් අවභාවිතාව පිළිබඳව දමන ලද පැමිණිල්ලට අවුරුදු තුනකට ආසන්න වීම හේතුවෙන් පරීක්ෂණ ප්‍රගතිය විමසීම සඳහා අල්ලස් දූෂණ කොමිෂමට පැමිණිලි කර තිබේ.

අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පැවසුවේ සජිත් මහතා හොරෙක් ද  නැද්ද යන්න වහාම පරික්ෂණයක් සිදු රට හමුවේ හෙළි කිරීම ජනාධිපතිවරයාගේ යුතුකම හා වගකීම බව ය.

මේ ආණ්ඩුව හොරු අල්ලනවා කියා ඇවිත් මෙම දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඇල් මැරුණු තත්ත්වයක් පවතින නිසා එය ජනතාව හමුවේ යම් බරපතල ගැටවක් මතුව ඇති බව ද හෙතෙම කීය.

මෙහි දී ජනාධිපතිවරයාට වාගේම නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරින් සියල්ලම නීතිය ක්‍රියාත්මක නොකර යට ගසන ස්වභාවයක් පවතින ආකාරයක් දැකිය හැකි බවත් ඒ නිසා මේ නිලධාරින් ඉවත් කර හෝ දුෂණයට විරුද්ධව කටයුතු කරන රාජ්‍ය නිලධාරින් මෙම ආයතනවලට පත් කර ඇත්තටම සසුසට අරුණ තුලින් සජිත් හොරකම් කළා ද නැද්ද යන්න ඔප්පු කර පෙන්නන ලෙස ජාතික  ජන බලවේග මාළිමා ආණ්ඩුවේ සහෝදරයන්ගෙන්  ඉල්ලා සිටින බව ද ඒ මහතා කීය.

මේ ආකාරයට අප ලබා දෙන පැමිණිළි සම්බන්ධයෙන් ආණ්ඩුව දිගින් දිගටම  ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාදයක් තුළ රට හමුවේ බරපතල සැකයක් ආණ්ඩුව සම්බන්ධයෙන් ද පවතින බව ද ඒ මහතා කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න