කලුතර මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් තරග කල බන්දුල ප්‍රසන්ත  යන අයට වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වරය , යතුරුපැදි තුනක් සහ ජංගම දුරකථන තුනක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්  බව පොලිසිය කීය.

ඉකුත් මැයි 4 දින රාත්‍රී කලුතර නාගොඩ ප්‍රදේශයේ පිහිහි මන්ත්‍රී අපේක්ෂක බන්දුල ප්‍රසන්න යන අයගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදියකි පැමිණි දෙදෙනකු  වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර පලාගොස් තිබූ අතර, එහිදී ඔහුගේ දකුණු උරහිසට ප්‍රහාරය එල්ලවී තිබුණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්ණ කිරීමෙන් පසු වෙඩිතැබීමට යොදාගත් විදෙස් රටක නිශ්පාදිත රිවොල්වරය, එදින පැමිණි යතුරුපැදිය, ඔවුන් විසින් සොරකම් කල තවත් යතුරුපැදි දෙකක් , පූර්ණ  මුහුණු ආවරණය කල හෙල්මට් සහ  ජංගම දුරකථන තුනක්ද සොයාගෙන තිබේ.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න