නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන ගොස් රුපියල් දහසය කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස ලබාගෙන එම මුද වංචා කිරීම යන චෝදනාවලට වරද පිළිගත් සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර   සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා (22) බරපතල වැඩ සහිත වසරක සිය දඬුවම් නියම කළේ ය .

අනතුරුව එම වසරක බරපතළ වැඩ සහිත වූ සිරදඬුවම වසර දහයකට  අත්හිටුවීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් වූ දඩ මුදලක් ගෙවීමටද නියම කළේය.

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් සිය වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස මහාධිකරණය මඟින් දඬුවම් නියම කෙරිණි .

පැමිණිල්ලේ අගතියට පත් පාර්ශවයේ මෙන්ම විත්තියේද එකඟතාවය මත මීට පෙර විත්තිකරු විසින් තැන්පත්කරුවන්ගෙන් ලබාගෙන  තිබූ මුදලින් සියයට හැටක මුදලක් වන නවකෝටි අසූපන් ලක්ෂයකට අධික මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත් නීතිඥවරු අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මෙම නඩුවේ පළමු වන විත්තිකරු වසර නවයක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට බවත් දෙවන විත්තිකාරිය වන ඔහුගේ බිරිඳ වසර දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටි බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

විත්තිකරු විසින් බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණ උපකාරක පන්ති පවත්වා ගෙවීමට ඇති මුදලින් සියයට හැටක මුදලක් මේ වනවිට ගෙවා ඇති බවත් මෙම විත්තිකරුවන් දෙදෙනාගේ දරුවන් මේ වනවිට විවාහ වීමට නියමිත බැවින් එම කරුණු ද සැලකිල්ලට ගෙන මොවුන්ට ලිහිල් දඬුවම් ලබාදෙන ලෙසට ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

(07) ලක්ෂ තුන හමාරක අයිස් කළුතරින් හමුවෙයි!

කැලණිය කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල්   ලක්ෂ තුුනහමාරක පමණ වෙළද පොල වටිනා කමින් යුතු අයිස් ග්‍රෑම් 25ක් සංතකයේ තබාගෙන  සිටි මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කීපයක සැකකරු වෙකු කැලණිය හුණුපිටිය සංඝරාජ මාවතේ නිවසකදී  අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්  සමත් වී ඇත.

21 වනදා සැකකරු මහර අධිකරණයට  ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩිදුර විමර්ශන සිදුකිරීම සදහා දින හතක රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමේ වරඳට දැනට මහාධිකරණයේ පවතින

 නඩු කීපයක විත්තිකරුවෙකු වන 45 ස් හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු   කිරිබත්ගොඩ  පොලිසියේ  කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරියෙකුට ලඳ තොරතුරක්  ඔස්සේ යමින් කැලණිය  හුණුපිටිය සංඝරාජ මාවතේ ඔහු  පදිංචිව සිටි නිවසේදී  අත් අඩංගුවට  ගෙන ඇත.

පොලිසිය එම නිවස වටලා සැකකරු  අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු හැඳ සිටි කලිසම් සාක්කුවේ ස‍ඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසිපහක්

පොලිසිය විසින් සොයාගෙන  ඇත.

තවද  මත්ද්‍රව්‍ය කිරීමට ගන්නා කුඩා ප්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික් තරාදියක් සහ ඇසුරුම් කොළද ජාවාරමට උපයෝගී කරගත් ජංගම  දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න