වෙසක් සමයේ රට පුරා දන් සැල්  දැඩි පරික්ෂවට ලක් කරන බවත් සෞඛ්‍ය නීති රිති වලට පට හැනි ව සිදු කරන කවර තරා තිරමක පුද්ගලයෙක් හෝ සංවිධානයක් පවත්වා ගෙන යන සංවිධානය කරන  දන් සැල් තහනම් කිරීම සිදු කරන්නට මේ වර සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ආහාර හා පාලන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමාලි ජයසේකර මහත්මිය  කීවා ය.

මේ අනුව වෙසක් මාසයේ සියලුම දන් සැල් දැඩි පරික්ෂාවකට ලක් කරන්නට පියවර ගෙන තියන බව ඇය කීවා ය.

වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වාගෙන යන දන්සැල් සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙම උපදෙස් සියලුම දැන් සැල් සංවිධාකයන් විසින් පිළිපැදිය යුතු බව ද ඇය කීවා ය.

සියළුම දන්සැල් පවත්වාගෙන යාමට යෝජිත ස්ථාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ලියාපදිංචි කිරීම සිදු කළ යතු බවද ඇය කීවා ය. 

මේ  සඳහා දන්සල පවත්වාගෙන යන ස්ථානය පවත්වාගෙන යන අයගේ නම ලිපිනය දුරකතන අංකය වැනි මූලික තොරතුරු ලියාපදිංචියට ඇතුලත් කර ගත යුතු බව ද ඇය කීවා ය.

දන්සැල පවත්වා ගෙන යන ස්ථානයේ සෞඛ්‍යාරක්ශිත බව සහ  ආහාර පිළියෙළ කිරීමේදී  ගබඩා කිරීමේදී  පිළිගැන්වීමේදී අනුගමනය කළ යුතු සනීපාරක්ෂක සහ ස්වස්ථතා පිළිවෙත් පිළිබඳව දන්සැල් සංවිධායකයන් දැනුවත් කිරීම හා එම කටයුතු සිදු වන අවස්ථාවල ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම අප සිදු කරනවා.

දන්සැල් සඳහා ආහාර පිළියෙල කිරීමේ දී ආහාරයට සුදුසු  ගුණාත්මක සහ ආරක්ෂිත අමු ද්‍රවය භාවිතා කිරීමට උපදෙස් දීම හා පරීක්ෂා කිරීම ද ,සියලු දන්සැල් කටයුතු සඳහා පානය කිරීමට සුදුසු ජලය භාවිතා කිරීමට උපදෙස් දීම සහ එම පහසුකම් පව්තින බවට තහවුරු කිරීම ද සිදුකරන්න්ට අප පියවර ගන්නා බව ද ඇය කීවා ය.

දන්සැල ආශ්‍රිතව ආහාර අනුභවය සිදු කරන අවස්ථාවල දී දෑත් සේදීම සඳහා ජල පහසුකම් සහ දෑත් පිරිසිදු කාරක සපයා ඇති බවට සහතික කිරීම ද දන්සැල්වලින් බැහැරලන අපද්‍රව්‍ය සෞඛ්‍යා රක්ෂිතව බැහැර කිරීමට උපදෙස් ලබාදීම සහ ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම ද

දන්සැල් කටයුතු ආරම්භ කිරීමට පෙර සහ අවසන් කිරීමෙන් පසු අදාල ස්ථාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂා කර පරිසර සෞඛ්‍යයට හානි නොවන බව තහවුරු කිරීම සහ දන්සැල් පරීක්ෂාවේදී 2011 ආහාර (ස්වස්ථතා) රෙගුලාසි අනුව කටයුතු කිරීම සිදු කළ යුතු බව ද ඇය කීවා ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න