සෞඛ්‍ය සේවාවේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සිදු වන දූෂණ වංචා අක්‍රමිකතා හෙළි කරන දේශපාලන නායකයින් සහ වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා මත කටයුතු කළොත් එය ඉතිහාසයේ ලොකුම කළු පැල්ලමක් එකතු කරගන්නා බව සමගි ජන බලවේග රත්මලාන ආසන සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
රත්මලානේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ කීය.
වැඩි දුරටත් අදහස් දැ ක් වූ ඒ මහතා මෙසේ ද කීය.
ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රටේ දූෂණ වංචා අක්‍රමිකතාවලට එරෙහිව පියවර ගනු ඇතැ යි මහජනතාව බලාපොරොත්තු වෙනවා.
අසාර්ථක සහ අකාර්යක්ෂම ඇතැම් ඉහළ රාජ නිලධාරීන්ගේ අවශ්‍යතා මත තම තමන්ගේ ආයතනවල සිදු වන දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධ තොරතුරු එළියට පැමිණීම වළක්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අව භාවිතා කරමින් තොරතුරු හෙළි කරන නායකයින් සහ වෘත්ති සමිති නායකයින් අනවශ්‍ය පරිදි ප්‍රශ්න කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දිනවල කටයුතු කරන බවත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි කළු පැල්ලමක් ඇති කරන බව ද ඔහු සඳහන් කළේ ය.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ පසු ගිය දා සිදු වූ ටෙණ්ඩර් මඟඩිය සම්බන්ධයෙන් තමන් සිදු කරන ලද ප්‍රකාශයක් මත පදනම්ව එම තොරතුරු තමාට ලැබුණේ කෙසේ දැයි ඔවුන් දිගින් දිගටම තමාගෙන් පසු ගිය දා ප්‍රශ්න කළ බවත් ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කළ යුතු වන්නේ තොරතුරු හෙළි කිරීම ගැන ප්‍රශ්න කිරීම නොව එම ටෙන්ඩර් මගඩි කුමන්ත්‍රණය සිදුවීමට ගිය ආකාරය සම්බන්ධව අදාළ ආයතනය හා ඒ ඉහළ නිලධාරීන් සම්බන්ධව විමර්ශනය කොට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණ වීම බව ද ඔහු අවධාරණය කළේ ය.
බාල ඖෂධ වංචාව සම්බන්ධ සිද්ධියේ දී එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් හෙළි කළ තොරතුරු වලට අමතරව බොහෝ තොරතුරු සොයා යමින් සාර්ථක ලෙස පරීක්ෂණ කොට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය නමුත් කරලා මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු රජය හෝ කැබිනට් මණ්ඩලය හෝ කිසිදු බලපෑමක් සිදු නො කළ බවද සිහිපත් කළේය.
රවි සෙනෙවරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම විමර්ශන කණ්ඩායම් කැඳවා දූෂණ වංචා අක්‍රමිකතා හෙළි කරන නිලධාරීන් මර්දනයට ඔවුන්ට කාගෙන් හෝ බලපෑමක් එල්ල වන්නේ දැයි සොයා බැලිය යුතු බවද සඳහන් කළේ ය.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ පසුගිය කාලයේ සිදුවූ ටෙණ්ඩර් මඟඩි රැසක් දැන් තමා හෙළි කොට ඇති බැවින් ඒ සම්බන්ධව විමර්ශන කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම බවත් ඉහළ සෞඛ්‍ය නිලධාරීන්ගේ අත කොළුවක් බවට පත් නො විය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය.