අද (2025.05.16) දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් එනම්, වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම,
නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක ඉදිරිපත් කරම්න් අසාධාරණ ලෙස ක්ෂණික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ලෙස මෙම වසර ආරම්භයේ දී ම (2025.01.22) දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909 සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 දෙනෙකු ඇතුළත් ය.
මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටළුකාරී තත්වයන් මත අමාත්‍යංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව මේ වන තෙක් කිසිදු නව බඳවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇත.
එසේම වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ඇතුළු කරුණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025.05.07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
එළඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුවත්කර ඇත,
මෙම ඉල්ලීම් වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබාදී තිබියදී, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මඟින් විසඳාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යංශ ලෙස අපගේ අප්‍රසාදය පළ කර සිටිමු.
දුම්රිය දෙපාර්තමේන්තුවේ යම් යම් උප දෙපාර්තමේන්තු තුළ අඩු කාර්යක්ෂමතාවක් තිබුණ ද අමාත්‍යංශය ලෙස මෙසේ සෑම ලෙසම මැදිහත්වීම සිදු කරමින් තිබිය දී අසාධාරණ ලෙස මහජනතාව පීඩාවට පත්වන අයුරින් වැඩ වර්ජන දියත් කිරීම පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැක උපදවන අතර එම උවමනාව වනාහි අනෙකක් නොව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සහ හුදු මහජනතාව පීඩාවට පත් කිරීමේ ප්‍රයත්නයක් බව හැඟේ. එසේම දුම්රිය සේවය පවත්වාගැනීම සඳහා කළ හැකි සියලු මැදිහත්වීම අමාත්‍යංශය හා රජය ලෙස සෑම අයුරකින් ම නොපසුබට ව සිදු කරන බව ද අවධාරණය කර සිටිමු.