හලාවත මහාධිකරණ විනිසුරුවරිය විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා 21 රාත්‍රී 09.50 ට හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල නීතිඥ සුමුදු ජයමාන්න මහතාට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා නියෝග කළේ ය.
මිට වසර කීපයකට පෙර හලාවත මහාධිකරණ විනිසුරුවරියට සමාජ මාධ්‍ය ජාලාවක් ඔත්සේ පණිවිඩ කීපයක් යොමු කිරීම හේතුවෙන් ඇය විසින් කර තිබු පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව 21 දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් නීතිඥ සුමුදු ජයමාන්න මහතාට ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබි ණි.
නීතිඥ සුමුදු ජයමාන්න වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ,කලාපිය උප සභාපති නීතිඥ සමන්පාලි අමරසිංහ මාරවිල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ශශිත් සනාතන ඇතුළු මාරවිල නීතිඥ පිරිසක් හා හලාවත නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සුමේධ පෙරේරා ඇතුළු හලාවත නීතිඥ සංගමයේ නීතිඥ කණ්ඩායමක් මේ නඩුව සදහා පෙනී සිටියහ.
සැකකාර නීතිඥවරයා විසින් මෙසෙන්ජර් හරහා එසේ මහාධිකරණ විනිසුරුවරිය අපහසුතාවට පත්වන ආකාරයේ පණිවිඩ යවා ඇතැයි පොලිසිය පවසයි.
වයස අවුරුදු 62 ක පසු වන අදාළ නීතිඥවරයා (මැයි 21) නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 21 දිනයේ ම අධිකරණය වෙත ඉදිරිපත් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
මේ ලෝයර් සමාජ මාධ්‍ය හරහා මහාධිකරණ විනිසුරුවරියට නොයෙකුත් ආකාරයේ මැසේජ් යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධව මහාධිකරණ විනිසුරුතුමියගේ පැමිණිල්ලෙන් පස්සේ සැකකරුගෙන් කට උත්තර සටහන් කරලා විමර්ශනයක් ආරම්භ කළා. අපි නීතිපතිතුමාට ගොනුව යවලා තියෙනවා. ඒකට නීතිපතිතුමාගේ උපදෙස් ඇවිල්ලා තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 345, සෙක්ෂුවල් හැරෙස්මන්ට් යටතේ මෙයාට එරෙහිව ඉදිරි කටයුතු කරන්න කියලා. ඒ අනුව තමයි අත්අඩංගුවට ගත්තේ.”මේ නඩුව මේ වසරේ 10 මස 24 වැනි දිනට කල් යන ල දී.