පවතින අධික වර්ෂා පතනය හමුවේ නායයෑමට ලක්විය හැකි දිස්ත්‍රික්කවල ආසන්න වශයෙන් පවුල් 15 000 ක් හඳුනා ගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

මේ අනුව එම පවුල් 15 000 අදියර තුනක් යටතේ නැවත ආරක්ෂිත ස්ථානවල  පදිංචි කරන්නට සැලසුම් සකස් කර ඇති බව ද  ඒ මහතා කීය.

මෙහි දී පළමු පියවර යටතේ 4218 ක් ද, දෙවන පියවර යටතේ, 8993 ක් ද තෙවන පියවර යටතේ 2017 ක ආදි වශයෙන් මෙම පවුල් නැවත පදිංචි කරන්නට පියවර ගන්නා බව ද  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් පැවසී ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න