ජනපති කී දේවල් සිදු කරන්නේ නෑ!
වැටුප් වැඩි කරන්නට ගත් තීරණයේ නිමාවක් නෑ!
සමහර නිලධාරින් නිසා නිදහස් සෞඛ්‍ය සේවය වළ පල්ලටම යනවා!
ගෙවුණු වසර දෙකකට අධික කාලය තුළ දී 2000 කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරට හැර ගොස් ඇති අතර මෙරට රැඳී සිටින වෛද්‍යවරුන් රැක ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුන හොත් ශ්‍රී ලාංකීය රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්විය නො හැකි වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
කොළඹදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා එසේ පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
එබැවින් මෙවන් ප්‍රකාශ සිදුකිරීමට වඩා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රැක ගැනීම සදහා කාලරාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම තුළින් බව ද ඒ මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවේ දී වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් විදෙස්ගත වීම සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන්ද අප අවදානය යොමු වී ඇති බව ද ඒ මහතා පැවසීය.
පසුගියදා ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර් ෂික සමුළුවේ දී ශ්‍රී ලාංකීය වෛද්‍යවරු විදෙස් ගතවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳව දැඩි අවධානය යොමු කළ බවද ඒ මහතා කීය.
එහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ට විදේශ රටවල රැකියා අවස්ථා ලබාදීමේදී, එම ක්‍රියාවලිය නැවත සමාලෝචනය කරමින් ලබා දෙන අවස්ථාවන් සීමා කිරීම පිළිබද සලකා බලන ලෙසයි.
මෙවන් අර්ථයක් හැඟවෙන ප්‍රකාශයක් මීට පෙර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ද සිදු කළ අතර විදෙස් ගත වන වෛද්‍යවරුන් ගුවන් තොටුපොලේ දී නවත්වන බව ද පවසන ලද බව ද ඒ මහතා කීය.
පවතින සමාජ ආර් ථික අ ර් බු දය හමුවේ වෛද්‍යවරුන් විදෙස් ගත වීමේ ගැටළුව වෙනුවෙන් සැබැවින්ම සිදුවිය යුත්තේ වෛද්‍යවරුන්ට ආ ර් ථික යුක්තිය සහ සාධාරණය ඉටු කරමින් ඔවුන් මෙරට රැදී සිටීම දිරිමත් කරන ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම බවද හෙතෙම කීය.
එමෙන්ම එයට සමගාමිව පශ්චාත් උපාධි පුහුණු අවස්ථා වැඩි කිරීම හරහා වැඩි වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් බිහිකර ඒ තුළින් රටට විදේශ විනිමය ගෙන්වා ගැනීමේ අවස්ථාව උදා කරගත යුතු බව ද ඔහු කීය.
මේ කාරණා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම යෝජනා සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා දී ඇති අතර ඒවා නිශ්චිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ද එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ කාල රාමුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය අතර සාකච්ඡාවන් කිහිපයක් ද සිදු කර ඇති බව ද ඒ මහතා පැවසීය.
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා චක්‍රලේඛය නිවැරදි කර නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වී ඇති බද ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය කඩිනම් මැදිහත්වීම සිදු නො කිරීම තුළ මෙම ගැටලුව අනවශ්‍ය අර්බුදයක් කරා ගමන් කරමින් පවතින බව ද ඒ මහතා කීය.
ජනාධිපතිවරයා විසින් ලබා දුන් තීරණය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පා ර් ලි මේන්තුවේ දී ප්‍රකාශයට පත් කරන ලද තීරණ පවා ක්‍රියාත්මක නො කිරීම තුළ සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය අ ර් බු දයක් ඇති කිරීම පිටුපස කුමන බලවේග ක්‍රියාත්මක වන්නේ දැයි විමර්ශනය කල යුතු බව ද ඒ මහතා කීය.
නිවැරදි කරන ලද චක්‍රලේඛය සතියක් ඇතුලත වහාම නිකුත් කළ යුතු බවත් එසේ නො වන්නේ නම් අවශ්‍ය වුව හොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට පවා එළඹීමට සිදු වන බවත් අප විධායක සභාව තීරණය කළ බව ඒ මහතා පැවසී ය.
මෙහි දී චමිල් විජේසිංහ (මාධ්‍ය ප්‍රකාශක),පාලිත රාජපක්ෂ, අජන්ත රාජකරුණා, වසන්ත වීරසූරිය ආරච්චි,දිනිඳු රණසිංහ, හංසමාල් වීරසුරිය, තෙනුවන් වික්‍රමසිංහ, අන්ෆාස් ෆාරූක්, ආර්. තනිගවාසන්, ප්‍රසාද් කොළඹගේ, චාරුනි කොහොඹන්ගේ යන වෛද්‍යවරුන්ද අදහස් දැක් වූහ.