ජනතාවට අධික රුධිර පීඩනය වැළදීමේ අවදානම හමුවේ ප්‍රමුඛව බලපා ඇත්තේ ආහාරයට ගන්නා ලුණු ප්‍රමානය වැඩි නිසා බව කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහා චා ර් ය චමිලා මෙත්තානන්ද මහත්මිය පැවසුවා ය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කා ර් යාලයේ දී කොළඹ (14) පැවති මාධ්‍ය හමුවක දී චමිලා මෙත්තානන්ද මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළා ය.
මේ අනුව සාමාන්‍ය පුද්ලයෙක් දිනකට ලුණු ආහාරයට ගත යුත්තේ මිලි ග්‍රෑම් 05ක් පමණ වුව ද මේ වන විට එක් පුද්ගලයෙක් දිනකට ලුණු මිලි ග්‍රෑම් 13 ක් පමණ පරිභෝජනය කරන බව ද ඒ මහත්මිය කීවා ය .
ලෝක අධි රුධිර පීඩන දිනය දින ය (මැයි 17) යෙ දී තිබෙනවා. මෙවර එහි තේමාව “රුධිර පීඩනය මැන පාලනය කර සලසමු නීරෝගී දිගු දිවියකට මඟ” වේ.
මේ අනුව ප්‍රධාන උත්සවය යාපනය දිස්ත්‍රික්කය මූලීක කර ගෙන පවත්වන අතර ඊට සමගාමීව සෞඛ්‍ය වෛද්‍ය කාර් යා ල හා සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කර ගෙන දැනුවත් කිරීම් ද සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අධි රුධිර පීඩනය ලොව පුරා අකල් මරණ හා රෝගාබාධ ගණණාවකට පොදු සහ වලක්වා ගත හැකි හේතුවකි.
ශ්‍රී ලංකාවෙන් වැඩිහිටියන්ගෙන් එක් අයෙකු රුධිර පීඩනයෙන් පෙලෙන බව සොයා ගෙන ඇත.
බොහෝ විට “නිහඬ මාරයා” ලෙස හදුන්වන අධි රුධිර පීඩනය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් එය පුද්ගලයකුගේ ආඝාතය, හෘදයාබාධ, නිදන්ගත වකුගඩු රෝග සහ අකල් මරණ අවදානමනම සැලකිය යුතු ලෙස වැඩි කරනවා.
අධි රුධිර පීඩනය ඵලදායි ලෙස කළමණාකරණය කර ගැනීම මඟින් ඉහත රෝග නිසා අත්‍යාවශ්‍ය අවයවවලට සිදු වන හානි අවම කර ගත හැකි යි.
ලෝක ජනතවගෙන් තුනෙන් එකකට මේ රෝග තත්ත්වය තිබේ. එම රෝගීනගෙන් අධි රුධිර පීඩනය පාලනය කර ගෙන සිටින්නේ සියයට 20ක් පමණ පිරිසක් පමණයි.
ලෝකයේ මෙම රෝගින් අතරේ ගත් කළ සියයට 42 ක් පමණ පිරිසක් තමාට රෝගය වැළ දී ඇති බව දැන ගෙන නිසි පරිදි වෛද්‍ය උපදෙස් අර ගෙන ඹෟෂධ ලබා ගන්නා තත්ත්වයක් ද දැකිය හැකි බව ද ඇය කීවා ය.
ලෝකයේ මෙන්ම ලංකාවේ ද මිය යන පිරිස අතරින් එම පිරිස පාලනය කර ගන්නට හැකියාව නිසි පරිදි මෙම රෝගය සම්බ්න්ධයෙන් දැනුවත්ව සිට ප්‍රතිකාර ලබා ගැනීම අනුව සිදු කළ ගත හැකියි.
ඒ අනුව සාමාන්‍ය යෙන් සියයට 15ක පමණ මිය යන පිරිස පාලනය කර ගන්නට මේ අනුව හැකියාව තියනවා.
ඉදිරියේ දී රජයේ උපදෙස් මත මේ රෝගය සම්බන්ධව දැවැන්ත ලෙස ජනතාව දැනුවත් කරන්නට පියවර ගෙන තියෙනවා.
ලංකාවේ පුද්ගලයන් තුන් දෙනෙකු ගත් විට එක් අයකුට මෙම රෝගය දැකිය හැකියි. ලංකාවේ අධි රුධිර රෝගයෙන් පෙළෙන පිරිස අතරින් සියයට පනහක්ම තමාට මේ රෝගය ඇති බව දැන සිටින්නේ නෑ.
මෙය ට අමතරව ලංකාවේ පුද්ගලයන් අතරින් තමාට මෙම රෝගය වැළ දී ඇති බව දැන ගෙන ප්‍රතිකාර ගන්නා පිරිස රෝගි ජනතාවගෙන් තුනෙන් එක පමණක් බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.