වෙළද පොළේ ඇති ක්‍රීම් සහ ලෝෂන් ව ර් ගවල අඩංගු බැර ලෝහ නිසා ජීවිත අවදානමක් ඇති විය හැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළඳ පොළෙන් ලබා ගත් සමට යොදන ක්‍රීම් සහ ලෝෂන් වර් ගවල සාම්පල ඒවායේ අඩංගු ලෝහ ප්‍රමාණයන් අනුමත ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව තහවුරු කර ඇති බව ද එම අධිකාරිය කියයි.
ලස්සන වීම සඳහා ඔබේ ජීවිතය අවදානමට ලක් නො කර ගන්න යැයි ද අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි යේ ය.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරු පවා දිගින් දිගටම කරුණු පැහැදිලි කරන්නේ වෛද්‍ය උපදෙස් මත පමණක් නි ර් දේෂිත ඖෂධ පමණක් ගන්නා ලෙසයි.
මෙයට අමතරව සමාජ ජාලා හරහා ද දැවැන්ත ලෙස ජනතාවට මේ ආකාරයේ ආලේපිත ද්‍රව්‍ය මිල දී ගන්නා ලෙස පොලඹ වන තත්ත්වයක්ද තියන බවත් එම අධිකාරිය කියා සිටියේ ය.
අප මේ වන විට සොයා ගෙන ඇති ලස්සනවන්ට ආලේප කරන ක්‍රීම් වර් ග කිහිපයක් පමණක් බවත් තවත් විශාල ප්‍රමානයක් වෙළෙද පොලේ පවතින බවත් ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන බව ද එම අධිකාරිය පෙන්වා දෙයි.
ලස්සන වෙන්නම් ඕනෑම කණු කසළ ගොඩක් අප ජනතාව විමසීමකින් තොරව නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා ගන්නා තත්ත්වයක් හමුවේ මෙවැනි වැරදි ශරීරයට අහිත කර ඔසු මිල දී ගැනීමේ දි පරිස්සම් වන්ට කොතරම් පැවසුව ද ඒවා මිල දී ගෙන මරණය පවා ලඟා කර ගන්නට ජනතාව සුදානම්ව සිටින බව ද අධිකාරිය කීය.
පරීක්ෂා කරන ලද ක්‍රීම් සහ ලෝෂන් ව ර් ග අඩංගු බැර ලෝහ වෙළඳ නාම ද සඳහන් කර ඇති බව ද අධිකාරිය කීය.
අනවසර ලෝහ ප්‍රමාණයන් සහිත ගැසට් පත්‍රයේ පිටපතක් මගින් ද තහවුරු කර ඇතැයි ද අධිකාරිය කීය.
ඒ අනුව දැනුවත් පාරිභෝගිකයින් ලෙස අනවසර ලෝහ ප්‍රමාණයන් ඉක්මවා යන ක්‍රීම් සහ ලෝෂන් මිල දී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය මෙයින් දැනුම් දෙන අතර එවැනි නිෂ්පාදන අලෙවි කරන අළෙවිකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති අතර එවැනි වෙළඳුන්ට එරෙහිව දැඩි ලෙස ක්‍රියාත්මක කරනු ලැබේ.