වෙළද පොලේ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස තවත් ලුණු මෙට්ට්‍රක් ටොන් 30 000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට ලුණු සමාගම තීරණය කර ඇත.
මේ අනුව ජාතික ලුණු සමාගම විසින් ලුණු මෙට්ට්‍රක්ටොන් 20 000 ක්ද ලංකා ලුණු සමාගම විසින් මෙට්ට්‍රක් ටොන් 10 000 ක්ද ඇනවුම් කර ඇති අතර එම ලුණු තොගය ලබන සතියේ දී පමන මේ රටට ගෙන ඒමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති බී නන්දන තිලක මහතා පැවසීය.
මේ වන විට වෙළෙඳ පොලේ පවතින ලුණු හිඟයට හේතු වී ඇත්තේ 2024 වසරේ පැවති වර් ෂාව සමඟ රටට අවශ්‍ය ලුණු නිෂ්පාදනයෙන් නිෂ්පාදනය කිරීමට හැකි වූ යේ තුනෙන් එකක ප්‍රමාණයක් බවත්, මෙම වර් ෂයේ පෙබරවාරි මාසයේ ලුණු අස්වනු නෙලීමට අපේක්ෂා කළත් එම ඉලක්කය ද වැසි තත්ත්වය මත සපුරා ගැනීමට නො හැකි වීම තුළ රටේ අවශ්‍යතාවට නැවත වරක් ලුණු ආනයනය කිරීමට සිදු වු බව සඳහන් කළේ ය.
රටතුළ කැට ලුණු වන හඟයක් පැවති ද මේස ලුණු වල ප්‍රමානවත් පරිදි දැනට වෙළෙ ද පොලේ ඇතැයි ද හෙතෙම කීය.
ලුණු හිඟයක් පවතිනු ඇතැයි සිතා පාරිභෝගික ජනතාව අවශ්‍ය කරනු ප්‍රමාණයට වඩා වැඩිපුර ලුණු රැස් කිරීමට පෙළබීමත් මෙම ලුණු හිඟයට තවත් එක් හේතුක් වී ඇති ද ඔහු පැවසීය.
කෙසේ නමුත් ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳ පොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බවයි.
එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30 ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බව ය.
ඔහු සඳහන් කළේ ආනයනය ප්‍රමාද වීම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බවයි.
ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමඟ පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරන්නේ වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවටයි.
කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වා ර් තා වන අතර ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළ කර තිබුණු බවද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවයි.
ඒ අනුව අවශ්‍ය ක්‍රියා මා ර් ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර මහතා එහි දී සඳහන් කළේ ය.