2022 සිට 2025 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 726 දෙනෙකු හෙද හෙදියන් 2800 ක් හා වෛද්‍ය නිලධාරීන් 1116 දෙනෙකු රට හැර ගොස් වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බවත් මූල්‍ය අතින් එය අප රටට දැවැන්ත පාඩුවක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා (20) දින 78 වන වාර්ෂික මහා සමුළුව අමතමින් එසේ පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව අමතමින් ඇමති වරයා මෙ සේ ද පැවසී ය.
මේ අනුව අප රටේ සෞඛ්‍ය සේවයේ රටට අවශ්‍ය කරන 4642 ක පිරිසක් මේ අනුව ලංකාව හැර ගොස් ඇති බව ද ඔහු පැවසී ය.
සෞඛ්‍ය සේවය සඳහා තිරසාර මූල්‍ය පහසුකම් සැපයීමේ අවශ්‍යතාවය මෙහි දී ඇමති වරයා ලෝකය හමුවේ අවදාරණය කර සිටි යේ ය.
මෙම මස 19 වන දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම සමුළු පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.
මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වන අතර එම සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් ද මෙම සමුළුවට එක් වී සිටී.
ශ්‍රී ලංකාවටත් සෙසු ලෝක ප්‍රජාවටත් වැදගත්වන “එකම සෞඛ්‍යමත් ලොවක්” යන කාලෝචිත තේමාව පෙරදැරිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කරන බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය.
ශ්‍රී ලංකාව පසුගිය අඩ සියවසක කාලය තුළ මුහුණ දුන් අභියෝග රසක් වු බවද හෙතෙම කීය.
මෑත කාලීන ආර්ථික අර්බුදවලින් ගොඩ එමින් සිටිනුයේ මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතිව බවත්ථ ඒ සදහා ගෝලීය ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරන බව ද ඒ මහතා පැවසීය.
ලංකා රජය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හඳුන්වා දී ඇති “සෞඛ්‍යමත් ලොවක්” යන තේමාවෙන් යුත් වැඩසටහනට ඒකාබද්ධව සිටින බවත් තිරසර සංවර්ධන ඉලක්ක කරා නැවත එළඹීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක අවශ්‍යතා බවද ඔහු කියා සිටි යේ ය.
2023 දී ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් තෙගුණයක් මෙරට බාහිර රෝගී ප්‍රතිකාර අංශයන්ට පැමිණ ඇති බවත්, කිසිවෙකු මඟ නොහැරීම සඳහා “පුළුල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ” ආරම්භ කර ඇති බව ද මෙම ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයීමේ දී අභියෝගයක් වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයීම මඟ හැරීම වැළැක්වීම බව ද පැවසීය.
සෞඛ්‍ය ශ්‍රම බලකායේ සංක්‍රමණ අප රටට ගැටළුවක් වී ඇති බවත් ඒ් හේතුවෙන් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටළු විසඳීමේ අවශ්‍යතාවය ද ඇති බව ද ඔහු පැවසී ය.
අපේම සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා කෙරෙන ආයෝජන තුළ මූල්‍ය අලාභයන් විඳ ගැනීමට සිදු වී ඇති බවත් ඔහු කීය
සංක්‍රමණික ගමනාන්ත වූ රටවල් ද මේ සම්බන්ධව වඩාත් වගකිවයුතු බව අප විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර බඳවා ගැනීම් සංග්‍රහය ඵලදායී හා ශක්තිමත් අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.
වර්තමානයේ අපි මුහුණ දෙන ණය, ලෙඩරෝග හා අවප්‍රමාණය යන අභියෝගයන්ට එරෙහිව විශේෂයෙන් ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහාත්, සෞඛ්‍ය වෙනුවෙන් තිරසර මූල්‍යකරණයක් අත්කර ගැනීම උදෙසාත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආයෝජන ඉහළ නැංවීම අවශ්‍ය වන බවත්, රජය විවිධ අංශ සහ විෂයයන් සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බව ද හෙතෙම කීය.
අප රජය ජාතියේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ඇප කැප වී සිටීන බව ද හෙතෙම කීය.
සමුළුව සඳහා එක්වන සියලු පිරිස්වල සහභාගීත්වයෙන් මෙහි දී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහිදී ඉදිරිපත් වන යෝජනා අදහස් හා පර්යේෂණ දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසර තුළ ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත් ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කෙරේ.