වාර්ෂික ව මෙරට  සම්පූර්ණ රුධිර ඒකක 450 000 ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති බව රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මාධ්‍යස්ථානය යටතේ දළ වශයෙන් රට පුරා ලේ බැංකු 110 ක් ආවරණය වන පරිදි රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් සම්බන්ධීකරණයෙන් සහ නිවැරදි ව  සංවිධානය වූ කළමනාකරණ ව්‍යුහයක් සමඟ ක්‍රියාත්මක වේ.

ජාතික රුධිර පාරවිලයන සේවාව 2014 දී සියයට 100 ස්වේච්ඡා රුධිර දායකයින් සිටින රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාව පිළිගෙන තිබේ. එය ආසන්න වශයෙන් ලොව පුරා රටවල් 70 ක් විසින් ළඟා ඇති බව ද රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පැවසී ය.

මෙරට ජාතික රුධිර පාරවිලයන සේවාව අද වන විට ගෝලීය වශයෙන් පිළිගත් සහ ජාතික වශයෙන් මනා සම්බන්ධීකරණ පද්ධතියකින් යුක්ත ව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ .

නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මාධ්‍යස්ථානය යටතේ දළ වශයෙන් රට පුරා ලේ බැංකු 110 ක් ආවරණය වන පරිදි රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් සම්බන්ධීකරණයෙන් සහ නිවැරදි ව  සංවිධානය වූ කළමනාකරණ ව්‍යුහයක් සමඟ ක්‍රියාත්මක බව එම ආයතනය කියයි.

ආරක්ෂිත රුධිර නිෂ්පාදන සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කරමින් ජාතික රුධිර පාරවිලයන සේවාව යටතේ රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල්වලට රුධිරය සැපයිම සිදු කරන බව රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

උපදේශක පාරවිලයන වෛද්‍යවරුන් විසින් සියලුම ප්‍රදේශ හරහා රුධිර පාරවිලයන කටයුතු  අධීක්‍ෂණය කරමින් සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු සිදු කරන බවත් සියයට 1 ට වඩා අඩු රුධිර බැහැර කිරීමේ අනුපාතයක් පවත්වා ගෙන යන බව ද පෙන්වා දුන් අතර එය ජාත්‍යන්තරව පිළිගත් මිණුම් ලකුණ වන සියයට 5  ට වඩා සැලකිය යුතු ලෙස අඩු බව ද  රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න