විදේශ රැකියා නියෝජිත ආයතන හරහා වසරකට ලක්ෂ 12 පමණ රැකියා ප්‍රමාණයක් මෙරටට හිමි වන නමුත් එම රැකියා සඳහා යොමු වන පිරිස ලක්ෂ 3 කටත් අඩු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
ඒ අනුව ලෝක රැකියා වෙළෙඳ පොළට වසරකට රට රැකියා ලක්ෂ 9කට ලංකාවෙන් රැකියා වලට යවන්නට තරුණ තරුණියගේ බරපතල අඩුවක් පවතින බව ද ඒ මහතා පැවසීය.
සිය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාකින් පසුව මාධ්‍යවලට අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
ඒ නිසා ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වහාම සිදු කළ යුතු බව ද ඒ මහතා පැවසීය.
වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහල නැංවීම එම වෘත්තීය පුහුණු පාඨමාලා දෙස් විදෙස් රැකියා ඉලක්කගත කරමින් නිර්මාණය කිරීම වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතන ආයතන වල කාර්ය භාරයන් නිශ්චය කර ගැනීම මෙරට රාජ්‍ය හා පුද්ගලික වෘත්තීය පුහුණු ආයතන වලින් අධ්‍යාපනය හදාරා නික්ම යන සිසුන් ඉන්පසු රැකියා වෙළඳපළ තුළ ස්ථානගත වීම පිළිබඳ පසු විපරම් කිරීම ආදි කරුණු පිළිබඳව ද මෙහිදී අවදානය යොමු කරන බව ද ඒ මහතා කීය.
මෙම කරුණු පිළිබඳව පුළුල් පර්යේෂණයක් සිදු කිරීමටත් එමෙන්ම මීට අදාළව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම ට ද පියවර ගන්නා බව ද ඒ මහතා කීය.
මෙරට තරුණ තරුණියන්ට ලබා දෙන වෘත්තීය පුහුණුව දැන් පවතින තත්ත්වයෙන් ඉදිරියට ගැනීම පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ද ඒ මහතා කීය.
ජාත්‍යන්තර රැකියා වෙළඳපළ තුළ දැනට පවතින රැකියා අවස්ථාවන්ට අමතරව පවතින රැකියා අවස්ථා පිළිබඳවත් පුද්ගලික ආයතන මගින් ලබා දෙන වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම පියවර ගන්නා බව ද ඒ මහතා කීය.
එම පාඨමාලා නියාමනය කිරීම පිළිබඳවත් මෙරට රැකියා වෙළඳපළ පිළිබඳවත් අධ්‍යයනය කරන්න ඉදිරි සැලසුම් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.