දිවයින පුරා හයිලන්ඩ් වරලත් අලෙවි සැල් 500 ක් ආරම්භ කරන බව කෘෂි කර් ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

කොළඹ ගොවි ජන මන්දිරයේ දී පැවැති උත්සවයක දී ඒ  මහතා මෙ සේ ද කීය.

විකිණීමට නියමිතව තිබූ ආයතනයක් වන මිල්කෝ ආයතනය පසුගිය රජයන් ගත් තීරණයක් අනුව අමූල් සමාගම සමඟ ඇති කරගත් එකඟතාවයක් අනුව අතපය දිග ඇරලා වැඩ කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා.

අපේ ගොවිපළවල් 32ක් තියෙනවා. ලොකු රාජ්‍යය තාන්ත්‍රික පැටලවිල්ලක් නැතිවන ආකාරයෙන් ජාතියේ අවශ්‍යතාවය එක්ක කටයුතු කරන්න අපි සූදානම් වෙනවා.

මේ වසර තුළ අලෙවිසල් 500ක් සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය බැරෑරුම් කාර්යයක්. මේ වන විට අලවි සල් 180 ක් පමණ තියෙනවා.

ඒ අනුව මේ වසර තුළ අලෙවිසැල් 500 ක් දක්වා යාම ඉතා විශාල සංවර්ධනයක්. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය අංශයේ නිෂ්පාදන රාශියක් අන්තර්ගතව සිදුකරන අලවිසල් ජාලයක් වීම සුවිශේෂී කාරණයක් වෙනවා.

වත්මන් රජයේ ආ ර් ථි ක ප්‍රතිපත්තිය ගැන කියනවා නම් එය ආ ර් ථික  ප්‍ර ප්‍රජාතන්ත්‍රවාදයක්. මින් පෙර ආර්ථිකය තිබුණේ කල්ලි ගැසුණු සුළු පිරිසක් අතේ. 

ආර්ථික ප්‍රජාතාන්ත්‍රවාදය කියන මූලධර්මය යටතේ හැම කෙනෙකුටම ආ ර්  ථි ක ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පුළුවන්.

ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. ආර් ථික ක ක්‍රියාවලියට සම්බන්ධ වන සියලු දෙනාම තමන්ගේ ප්‍රතිලාභයේ කොටස හරියටම ලැබෙන්න ඕන. සැමට සාධාරණ පංගුව ලබා දිය යුතුයි. එහෙම නැත්නම් මේ ආයතන කිසිවක් පවත්වාගෙන යාමට බැහැ.

කිරි නිෂ්පාදකයාට නිවැරදි සාධාරණ පංගුව ලැබෙන්න ඕන වගේම පාරිභෝගිකයාටත් එහි සාධාරණය ලැබෙන්න ඕනේ.

උපාධිධාරයෙන් ඉල්ලන්නෙත් අපිට ආ ර් ථිකයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. රැකියාවක් ඉල්ලනවා කියන එකේ අ ර් ථය  එයයි.

හැම කෙනෙක්ම රටේ ආ ර් ථි කයට සම්බන්ධ කර ගැනීම තමයි අපේ අරමුණ. ව්‍යවසායකයින් 500ක් බිහි කිරීම ඒ සඳහා හොඳ ක්‍රියා මා ර් ග යක්. ආ ර් ථි ක සංහිඳියාව සඳහා ආ ර් ථික ක ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න