ධාවනයට නුසුදුසු ලංගම බස් රථ 150 ක් පමණ රට පුරා මාර් ග  150 ක ධාවනය සිදු කරමින් බස් මගීන් විශාල පිරිසක් මරා දමා ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේ මධ්‍ය ප්‍රකාශක සමන්ත රණසිංහ මහතා පැවසීය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසී ය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

මා ර් ග අනතුරු සිදු කරන ධාවනයට නුසුදුසු ලංගම බස් සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම තීරණයක් නො ගන්නේ නම් පුද්ගලික බස් රථ හිමියන් වශයෙන් අප ඉදිරියේ දී දැඩි තීන්දුවක් ගන්නා බව ද ඒ මහතා කීය.

අප සතුව රට පුරා ධාවනය කරන බස් රථ 35 00 ක් පමණ ඇති බව ද ඒ මහතා කීය.

මෙම ලංගම බස් රථ ජාතික ගමනාගමන කොමිසම් සභාවේ අනුමැතියෙන් තොරව ධාවනය වන බව ද ඒ මහතා කී ය.

මෙම බස් රථ ධාවනයට සුදුසු නොවන බවට තාක්ෂණිකව තහවුරු වී තිබුන ද ලංගම ඩිපෝ ප්‍රධානින් රජයේ නීති රිති පවා උල්ලංඝනය කරමින් ධාවනය සිදු කරන නිසා මහ මඟ අනතුරු රැසක් සිදු වන බවත් මේ වන විට සිදු වු අනතුරු සම්බන්ධයෙන් සලකා බැලීමේ දී ලංගම බස් රථ වලින් සිදු වු අනතුරු ප්‍රමානය ඉහළ ගොස් ඇති බව ද ඒ මහතා කීය.

ඒකාබද්ධ ධාවන කාල සටහන්වලට පටහැනිව ලංගම පාලන අධිකාරිය විසින් මෙම බස් හිතු මතේට ධාවනයට යෙදවීම නිසා අනතුරු සිදු වීම ඉහළ ගොස් ඇති බව ද ඒ මහතා කීය.

මේ නිසා ලංගම බස් රථ සම්බන්ධයෙන් නියාමනයක් සිදු කරන ලෙස ද ඒ මහතා කීය.

ධාවනයට නුසුදුසු ලංගම බස් රථ ඩිපෝ ප්‍රධානින් හිතු මතේට මා ර් ගවල ධාවනය සිදු කිරීම නිසා  මිය ගිය තුවාල ලැබු පිරිස වෙනුවෙන් වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ද ඒ මහතා පැවසීය.

පුද්ගලික බස් රථ වල බුදු පිලිම ගලවන්නට, අනවශ්‍ය බව කියන විසිතුරු අංග ඉවත් කරන්නට වාගේම බස් රථවල එල්ලා ඇති මිදි වල්ල ඉවත් කරන්නට කටයුතු කරන බස් නියාමන අංශවල නිලධාරින්  ලංගම බස් ගැන සොයා බලන්නේ නැති බව ද ඒ මහතා කීය.

පුද්ගලික බස් රථ 3500 කින් බස් රථ 3000ක පමණ ජී.පී.එස් තාක්ෂණ කටයුතු වලින් ආවරණය වී ඇති නමුත්, ලංගම එකම බස් රථයක හෝ මෙම තාක්ෂණ ක්‍රමවේදය නියාමනය කරන්නට ආණ්ඩුව හෝ වෙනත් ආයතනයක් හෝ කටයුතු කර නොමැති බව ද ඒ මහතා කීය.

මේ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රවාහන විෂය භාර ඇමති වරයා දැනුවත් කරන්නට පියවර ගන්නා බවත් ලංගම සම්බන්ධයෙන් නිසි නියාමනයක් සිදු කරමින් මෙ රට මගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බව ද සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේ මධ්‍ය ප්‍රකාශක සමන්ත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න