රට පුරා ඩෙංගු රෝගය පැතිරීමේ බරපතල තත්ත්වයක්! සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු හඟවයි!
මෙම වසරේ ගෙවි ගිය කාලය තුළ රට පුරා ඩෙංගු රෝගින් 21439 ක් වාර්තා වී ඇති බවත් ඉන් රෝගින් 10 මිය ගිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා ය.
ඇය මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී (21) පැවැති මාධ්‍ය හමුවක දී ය.
මෙහි දී විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළේ ය.
මේවන විට රට හමුවේ ඩෙංගු රෝගය පැතිරීමේ බරපතල තත්ත්වක් පවතින නිසා ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිළිමත් විය යුතු බව ද ඇය ප්‍රකාශ කළා ය.
කොළඹ, ගම්පහ, රත්නපුර, මඩකලපුව, නුවර, ගාල්ල , මාතර ත්‍රිකුණාමලය, කුරණෑගල,ආදි දිස්ත්‍රික්ක වළ ඩෙංගු රෝගින් වැඩිපුර හඳුනා ගෙන තිබෙනවා.
විශේෂ මදුරු මර්දන ව්‍යාපාරය (මැයි 19 සිට 24 දක්වා) පවත්වන බවත් ඩෙංගු රෝගින් බහුල දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 95ක අධි අවධානම් ඩෙංගු බෝවන ස්ථාන වශයෙන් හඳුනා ගෙන ඇති බව ද ඇය කීවා ය.
මෙහි දී සෞඛ්‍ය අංශයේ නිලධාරි, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව,සිවිල් සංවිධාන හා මහජනතාවගේ ද සහයෝගයෙන් මෙම ඩෙංගු මර්දන ව්‍යාපාරය සිදු කරන බව ද ඇය කීවා ය.
ඩෙංගු රෝගය බෝ කරන කීටයන් සහිත ස්ථාන පවත්වා ගෙන යන පිරිස් සම්බන්ධයෙන් දැඩි නීති රිති හා බරපතල දඬ අය කරන්නට ද මේ වන විට පියවර ගෙන ඇති බවත් ඇය කීවා ය.
මේ වන විට සිදු කළ මදුරු මර්දන මෙහෙයුම යටතේ මඳුරුවන් සිටින ස්ථාන 40108 ක් හඳුනා ගෙන ඇති බවත් ඉන් මඳුරුවන් බෝවන ස්ථාන 10613 ක් හඳුනා ගෙන ඇති බවත් ඇය කීවා ය.
මඳුරුවන් බෝවන ස්ථාන අතරේගත් කළ සෑම පරිශ්‍ර හතරක් අතරින් එක ස්ථානයක මඳුරුවන් බෝවන ස්ථානයක් ලෙස හඳුනා ගෙන ඇති බව ද ඇය කීවා ය.
මෙම මඳුරු මර්ධන වැඩ සටහන යටතේ ඩෙංගු රෝගය බෝ කරන ඩෙංගු මඳුරු කීටයන් 2111 ලෙස හඳුනාගෙන ඇති බවත් ඩෙංගු බෝවන ස්ථාන පවත්වා ගෙන ගිය ස්ථාන 1407 කට රතු නිවේදන නිකුත් කර ඇති බවත් ඒ යටතේ පුද්ගලයන් 347කට විරුද්ධව ණඩු පැවරීම් සිදු කළ බව ද ඇය මෙහි දී කියා සිටියා ය.
මේ වන විට රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර රෝහල් පරිශ්‍රය ආශ්‍රිතව ඩෙංගු රෝගින් 2490 ක් හඳුනා ගෙන ඇති බවත් ඒම පිරිස මේ වන විට ක්‍රම ක්‍රමයෙන් අඩු වන තත්ත්වයක් දැකිය හැකි බවත් ඒ සඳහා හේතු වී ඇත්තේ නිසි පරිදි මඳුරු මර්දන වැඩ සටහන් ක්‍රියාත්මක කීරීම බවත් ඇය කීවා ය.
මෙතරම් එම ප්‍රදේශයේ ඩෙංගු රෝගින් දැකිය හැක්කේ රෝහල් පරිශ්‍රයේ වැඩ බිම් රැසක් පවත්වා ගෙන යෑම නිසා බව ද ඇය කීවා ය.
ඩෙංගු රෝගය පැතිරීම වැළක්වීම සඳහා රට වැසියෙක් අවම වශයෙන් දිනකට තම වාසස්ථාන ස්ථානයේ විනාඩි 30 ක කාලයක් මෙම මර්දන වැඩ සටහනට දායකත්වයක් ලබා දෙන්නේ නම් මෙම රෝගය මර්දනය කරන්නට හැකියාවක් ඇති බවත් ඇය කීවා ය.
ඒ සඳහා සහයෝගයක් ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇය කීවා ය
ඩෙංගු රෝගයේ ලෝක ප්‍රවනතා අතරේ ගත් කළ වසරකට ඩෙංගු රෝගින් මිලියන 190 ක් හඳුනාගත හැකි බවත් සමහර රටවල් මෙම රෝගය පාලනය කිරීමට දැඩි නීති රීති මෙන්ම නිසි පරිදි කළමණාකරණ කටයුතු සිදු කිරීම මෙන්ම නිසි පරිදි කසළ කළමණාකරණ කටයුතු එම රටවල සිදු වන බව පෙන්වා දිය හැකි බවත් ඇය ප්‍රකාශ කළේ ය.
නමුත් ලෝකයේ ඩෙංගු රෝගය පාලනය කර ගත හැකි නමුත් සහමුලින්ම මෙම රෝගය එම රට වල්වල නතර කරන්නට හැකි වී නැති බව ද ඇය ප්‍රකාශ කළා ය.
ලංකාවේ වැඩි පුරම ඩෙංගු මඳුරුවන් සහිත ස්ථාන අතරේ ගත් කළ පාසල්, රාජ්‍ය ආයත, වැඩ බිම් මෙන්ම කර්මාන්ත ශාලා ආශ්‍රිතව දැක ගත හැකි බවත් කර්මාන්ත පරිශ්‍රයවල් ඇසුරෙන් සියයට 60 ක් මඳුරුවන් බෝ කරන ස්ථාන බවත් පාසල් වලින් මඳුරුවන් සියයට 45 ක බෝ කරන ස්ථාන වශයෙන් හඳුනා ගෙන ඇති බව ද ඇය ප්‍රකාශ කළා ය.
මෙම මඳුරු මර්දන වැඩ සටහනට අමතරව, ඉදිරියේ දී අනුරාධපුරයේ පවත්වන පොසොන් කලාපය ඇසුරු කරගෙන විශේෂ ඩෙංගු මර්දන වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව ද ඇය කීවා ය.
ඩෙංගු පාලනය කරන්නට රට වැසියා වශයෙන් ජනතාවගේ පුර්ණ සහයෝගය රටට ලබා දිය යුතු බව ද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.