ලංකා සීනි සමාගමට අයත් වතු සමාගම් වලට එතනෝල් උපයෝගිකර ගෙන අරක්කු නිෂ්පාදනය කරන්නට දිගින් දිගටම ඉල්ලිමක් කළත් සමහර රාජ්‍ය ආයතන නිලධාරින්  ඒ සඳහා අවසරයක් නො දෙන බව ක ර් මාන්ත  හා ව්‍යවසායකත්ව සංව ර් ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

කොළඹ දී (01) පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ කීය. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද මෙසේ ද කීය.

අප සීනි සමාගම්වල  එතනෝල් ලීටරයක් රුපියල් 800 කට විකිණීම පියවර ගෙන තියනවා. අපෙන් එතනෝල් අරගෙන සමහර පුද්ගලික ආයතන අරක්කු නිෂ්පාදනය  කරනවා. ඇයි අපට බැරි අපේ එතනෝල් වලින් අරක්කු නිෂ්පාදනය කරන්න අපිට ඒ සඳහා සහයෝගය මේ නිලධාරින් ලබා දෙන්නේ නෑ.

අපිටත් හැකියි අප ආයතන වලට සම්බන්ධ වතු සමාගම් හරහා එතනෝල් උපයෝගි කරගෙන අරක්කු නිෂ්පාදනය කරන්න කියලා නො වෙයි.

නමුත් අප සීනී සමාගම්වලට අනුබද්ධ ආයතන වලට මේ සඳහා අවසරය ලබා දෙන්න කියලා. නමුත් නිලධාරින් කර අරින්නේ ඇයි ද කියලා අපි ට තෙරෙන්නේ නෑ.

අප තවදුරටත් මේ සම්බන්ධයෙන් සාධනීය බලාපොරොත්තුවක් ඇති කර ගෙන තියනවා. නැතිනම් අපි අපගේ සීනි වැඩිපුර තොග හා එතනෝල් අපනයනයට පියවර ගන්නවා. ඒ තුළින් අප රටට විදේශ විනිමය ගෙන එන්නට පියවර ගන්නට ද අපගේ සැලසුමක් තියනවා යැයි ද ඒ මහතා කීය.

ලංකාවේ දවසකට කසිප්පු හා කරිඥ්ඤං පානය කරන පිරිස ලක්ෂ දෙකට වැඩ වැඩියි. මේ නිසා ඇති වන රෝග හා සෞඛ්‍යට වියදම් කරන්නට සිදු වන වියදම් ඉතා විශාලයි. අන්න ඒ නිසා තමයි අපි පවසන්නේ අපගේ සීනි සමාගම්වලට අයත් වතු සමාගම්වලට මේ අරක්කු නිෂ්පාදනයට  අවසරය දෙන්න කියලා. කොහොම නමුත් අපි මේ අවසරය ලබා දෙන තුරු බලා සිටිනවා හේතුවක් නෑ. ලබා නො දෙන්නට හේතුව තමයි අහේතුව කියලා කියන්න කැමැතියි.

වතු සමාගම් 26ක් දිගින් දිගටම එල්ලනවා දේශීය අපගේ එතනෝල් භාවිතා කරගෙන අරක්කු නිෂ්පාදනය කරන්න අවසරය දෙන්න කියලා. නමුත් මේ සමහර නිලධාරින් ඒ සඳහා අවසරය දෙන්නට දිගින් දිගටම ප්‍රමාද කරනවා.

පසුගිය කාලයේ සීනී සමාගම් වල පාලන අධිකාරිය සිදු කළ අවුල නිසා අප අදටත් වන්දි ගෙවනවා. එහෙම ගෙවමින් නිසි පරිදි බදු මුදල් ගෙවමින් සේවකයා ද නිෂ්පාදකයා ද පරිභෝගිකයා ද ආරක්ෂා කර ගෙන සීනි නිෂ්පාදනය සිදු කරන්න ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න