කොළඹ සිට මඩකලපුව බලා ධාවනය කරමින් තිබූ මීනගයා දුම්රියට ගල්ඔය සහ හබරණ අතර 20 අලුයම හතරට පමණ හබරණ ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇති බව හබරණ පොලිසිය කියයි.

මෙම අනතුරින් වන අලියා බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි.අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවද හබරණ පොලිසිය පවසයි.

තුවාල ලැබූ වන අලියාට ප්‍රතිකාර කිරීම කටයුතු 20 වෙනිදා උදෑසන ආරම්භ කිරීමට කටයුතු කරන බවද හබරණ වනජීවීන් කාර්යාලය සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් දුම්රිය පිළිගත කිරීමේ කටයුතු 20 උදෑසන ආරම්භ කිරීමට කටයුතු කරන බවද දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න