මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානයේ නවතා තිබෙන ත්‍රීවිල් රථවල කැබින් එක කඩා ඒවායෙහි තිබෙන මුදල් හා දේපොළ සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අවුරුදු 16 වයසේ පිරිමි ළමයි හය දෙනෙකු එක් ළමයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් වශයෙන් ලක්ෂ හැටක ශරීර ඇප මත මුදා හැරීමට 02 වෙනි දින මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කරන ලදී.
එක් ඇපකරුවකු ළඟම ඥාතියකු විය යුතු යැයි එහි සඳහන් කර තිබුණි.
මෙලෙස මුදාහැරීමට නියෝග ලැබුවේ පන්නල ,මන්නාරම, කොච්චිකඩේ, පදිංචි අවුරුදු 16 වයසේ පිරිමි ළමයි හය දෙනෙකි,
ත්‍රිවිලයකින් පැමිණි පවුලක සාමාජිකයන් පැය කීපයක් වෙරළ විද්‍යානයේ සතුටුව ගතකරමින් පසුව නිවස බලා යාමට ත්‍රීවීලය අසලට පැමිණ ඇත,එහිදී ත්‍රිවීලයේ කැබින් එක කඩා එහි තබා තිබූ රුපියලේ 15000ක් වටිනා ජංගම දුරකථනයද,රුපියල් 48000ක්ද,සොරකම් කරගෙන ගොස් ඇතයි පැමිණිල්ලෙ සඳහන්ය,සීසීටීවි කැමරා දර්ශන මගින් මෙම සිසු පිරිස හඳුනාගෙන උප පොලිස් පරීක්ෂක අතපත්තු මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත,විමර්ශනවලදී මෙම ළමයි වෙරළ උද්‍යානයේ නවතා තිබූ වෙනත් ත්‍රිවිල් රථ දෙකකද කැබින් කඩා තිබූ බව අනාවරණය වී ඇත,එහෙත් ඒවායෙහි කිසිදු දේපලක් තිබී නැත,සොරකම් කළ මුදලින් හෝටලයකට ගොස් මෙම ළමයි හය දෙනාම හොඳ හැටි කෑම බීම ගත් බවත් පසුව ඉතිරි මුදල සමසේ බෙදාගෙන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත,සොරකම් කළ ජංගම දුරකථනය එක් පිරිමි ළමයකු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ දරුවන්ගේ දෙමව්පියන්ව විවෘත අධිකරණයට කැඳවා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් දරුවන් පිළිබඳව මීට වඩා අවධානයකින් සිටිය යුතු බව අවවාද කරමින් කියා සිටියේය,මෙය සිර ගෙදරට තැබිය යුතු චෝදනාවක් බවත් එහෙත් ළමයින්ගේ අනාගතය සලකා බලා ඇප බත මුද හරින ලද බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේය , මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නඩු කටයුතු මෙහය වන 35402 සුජිත් රන්දුනු නිලධාරියා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර පැමිණිල්ල මෙහය විය.නැවත කැඳවීම මැයි මස 21 වැනි දිනට කල් තබන ලදී.