දඩාවතේ යන අයට වැඩ වරදින ලකුණු!
මිනිසාට වන හා දඩාවතේ යන සතුන්ගෙන් සිදු වන හානි සපා කෑම් අවම කිරීමේ නව වැඩ සටහනක් හදුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් ආරම්භ කළ බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසීය.
සමහරු ප්‍රකාශ කරනවා ලංකාවේ පුද්ගලයන් 8 දෙනෙකුට එක සුනඛයෙක් සිටින බව තවත් පිරිසගේ මතය වන්නේ රටේ ජනතාවගෙන් 05 දෙනෙකුට එක් සුනඛයෙක් සිටින බව යැයි ද ඒ මහතා කීය.
නමුත්, මේ සංඛ්‍යා දත්ත නිවැරදි දැයි නිල වශයෙන් ප්‍රකාශ කරන්නට හැකියාවක් නැති බවත් නමුත් මේ සුනඛ ආදි කොට ඇති සතුනගෙන් මිනිසාට සිදු වන හිරි හැර ආදිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර සහනයක් ලබා දෙන්නට හැකි පරිසරයක් ඇති කිරීම මෙම වැඩ සටහනේ අරමුණ බව ද ඒ මහතා කීය.
මේ අනුව වන සත්ව හානි හා අයාලේ (දඩාවතේ) යන සතුන්ගෙන් මහ ජනතාවට සිදු වන හානි අවම කිරීමේ සන්නිවේදන මෙහෙයුමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පැවසීය.
දඩාවතේ යන සුනඛයින්, වීථි සුනඛයින්, රිලව්, වඳුරන්, නරි, වන අලි ඇතුළුව සමස්ත සතුන්ගෙන් මිනිසාට සිදු වන හානි අවම කර ගැනීම සම්බන්ධව ප්‍රජාව දැනුවත් කරන්නට මේ අනුව පියවර ගෙන ඇති බව ද ඒ මහතා කීය.
මේ යටතේ සත්වයන්ගෙන් සිදු වන හානි අවම කර ගැනීමේ පණිවුඩ මහජනතාවට සන්නිවේදනය කල යුතු ආකාරය හඳුනා ගැනීමේ විශේෂ වැඩමුළු මාලාවක් මේ අනුව පැවැත්වෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
අනතුරුව ඒ ඒ පණිවුඩ හා ඒවා සන්නිවේදනය කල යුතු මාධ්‍යය, ඒ පණිවුඩයේ නිර්මාණශීලී ස්වභාවය හඳුනා ගැනීමට ද නියමිත ව ඇති බව ද ඒ මහතා පැවසීය.
මෙම සන්නිවේදන වැඩසටහන ශ්‍රී ලාංකේය ප්‍රජාවට සතුන්ගෙන් සිදු වන හානි අවම කර ගැනීමට හේතු වන ඓතිහාසික නව ප්‍රවේශයක් වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
මෙම පණිවුඩ හඳුනා ගැනීම සඳහා වන වැඩමුළුවට සෞඛ්‍ය අංශයේ නියෝජිතයින් සමඟ වන ජීවී අංශ පශු සම්පත් කළමනාකරණ අංශ සත්වවේදීන් සත්ව ලෝලී සංවිධාන සත්ව අවිහිංසා සංවිධාන වල නියෝජිතයින් එක්ව සිටිය හ.