නඳුන් චින්තක නොහොත් හරක් කටා පවසන රුපියල් කෝටි 30 ක අල්ලස් කතාවේ ඇත්ත නැන්ද කුමක්ද යන්න වහාම පරික්ෂණයක් සිදු කර ජනතාවට සත්‍ය හෙළි කරන ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මේ සම්බන්ධයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ පැවසීය.
නඳුන් චින්තක වීරරත්න නොහොත් හරක් කටා දැඩි ආරක්ෂාවක් මත අධිකරණයේ පවතින නඩු කටයුත්තකට රැගෙන විත් නැවත රැගෙන යන අතර තුර අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ දී මාධ්‍ය අමතා කෝටියක් වියදම් කර මා බන්ධනා ගාරයේ තියාගෙන ඉන්නේ ටිරාන් අලස් හා දේශබන්දු කෝටි 30 ක් මාගෙන් ඉල්ලුවා එය නොදීම හේතුවෙන් බව පැවසීය.
එසේම 2025.05.18 වන දින යූ ටියුබ් නාලිකාවක ද පැවැති සම්මුඛ සාකච්ඡාවක දී කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම හට පවසනවා හරක් කටා අධිකරණයේ දී රහස්‍ය ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, අල්ලස් වශයෙන් මුදල් ලබා දුන් බවත් පවසයි.
එලෙසම හිටපු ටිරාන් අලස් අමාත්‍යවරයා මාධ්‍යයේ ප්‍රකාශ කර සිටියා හරක් කටාව ශ්‍රී ලංකාවට නොගෙන වෙනත් රටකට යැවීමට කටයුතු කරන ලෙසට ඒ සඳහා අල්ලස් වශයෙන් මුදල් ලබා දීමට ගිය බවත් එම නිසා මෙය බරපතල තත්ත්වයක් බැවින් නඳුන් චින්තක (හරක් කටා) හා ටිරාන් අලස් යන දෙදෙනාම ප්‍රකාශ කරන ආකාරයට මෙහි සත්‍ය වශයෙන් අල්ලස් දීමට පෙලඹුනා ද යන කාරණා විමර්ශනය කර වැරදි කරුවන් හට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අප සංවිධානය ඉල්ලා බව ද අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.