දියවන්නාවේ මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප අවෝසි කර පක්ෂ මාරුව නතර කරන අණ පනත් සම්මත කර ගන්නට කඩිනමින් පියවර ගන්නා ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව පාර් ලි මේ න්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම හා පක්ෂ මාරු කිරීමට නො හැකි පරිදි අණපනත් ක්‍රියාත්මක කිරීම වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා පැවසීය.
එම ලිපිය ඊයේ (15 ) ලබා දුන් බව ද ඒ මහතා පැවසීය. මෙහි දී අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද කීය.
ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙන්වා දුන් ආකාරයට පාර් ලි මේ න් තු මන්ත්‍රීවරුන් හට ගෙවන විශ්‍රාම වැටුප් අහෝසි කිරීම හා මහජන ඡන්දයෙන් යම් පක්ෂයක් විශ්වාස කර පුද්ගලයෙකුට ඡන්දය ලබා දී පා ර් ලි මේ න්තු වට පැමිණි පසු වරදාන වරප්‍රසාද වලට ගිජු වී එම පා ර් ලී මේන් තු අසුන අවභාවිතා කරන බව පෙනි යන බව ද ඒ මහතා කීය.
මේ අනුව වෙනත් පක්ෂයක අසුන් ගැනීම මගින් රටේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට සිදු කරන අසාධාරණයට සාධාරණයක් සිදු කිරීම සඳහා ඔබතුමා නියෝජනය කරන ජාතික ජන බල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද පෙන්වා දුන් ආකාරයට පක්ෂ මාරු කිරීම හා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත් පා ර් ලී මේන්තුව ට ගෙනවිත් කඩිනමින් සම්මත කරන මෙන් රටේ ජනතාව වෙනුවෙන් අප සංවිධානය ලිඛිතව ඉල්ලා සිටිය බව ද ඒ මහතා පැවසීය.