වාහන විකිණීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට පැමිණිළි කරන බව කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
රජයේ වාහන විකිණීමෙන් දැවැන්ත පාඩුවක් සිදු වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
ප්‍රසිද්ධ වෙන්දේසියක දී වාහන විකිණීමෙන් තොරව ටෙණ්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමෙන් රජයට දැවැන්ත පාඩුවක් සිදු වූ බව ඒ මහතා පැවසීය.
මේ අනුව ප්‍රසිද්ධ වෙන්දේසියක දී වාහන විකුණුවේ නම් රජයට රුපියල් මිලියන 650ත් 700ත් අතර මුදලක් උපයා ගත හැකිව තිබූ බව ද ඒ මහතා කීය.
ඔවුන් වාහන වෙන්දේසි නොකර ටෙණ්ඩර් පටිපාටියක් භාවිත කළා. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ විතරක් නොවෙයි වාහන 17ක් විකිණීමෙන් රජයට රුපියල් මිලියන 200ක් පමණක් උපයාගෙන තියෙනවා කියලත් වාර්තා වෙනවා යැයි ද ඒ මහතා කීය.
පසුගිය කාලයේ මැති ඇමති වරු භාවිතා කල වාහන කියලා ගෝල් ෆේෂ් එකේ රටට පෙන්නුවා. ජනාධිපති තුමා කීයා තිබුනා. මේවා පිට රටට විකුණලා ඩොලර් ගේනවා කියලා. මම දන්නේ නෑ. එහෙම කලා ද කියලා. දන් කියන්න එපා ඒක කීවේ නෑ කියලා ඒ පචයත් එයා කීවා.
මෙම වාහන වෙන්දේසිය ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන්න තිබුනා. මාලිමාවේ රෙදි සෝදන කණ්ඩායමට කී ව නම් මෙන්න මෙහෙමු දැන්වීමක් දමලා මේ වාගේ වාහන විකුණන්න තියනවා. වෙන්දේසියයේ කියලා මෙම වෙන්දේෂියට අති විශාල සෙනඟක් එන්නට තිබුණා.
මේ වාහන 23 විකිණිම සඳහ හොර ටෙණ්ඩර් ගනු දෙනුවක් තමයි සිදුව තියෙන්නේ. මම කියන්නම් වාහන 17 විකුණලා රුපියල් කෝටි 20 ගත්තා කියලා තමයි කියන්නේ.
මෙම ටෙණ්ඩරය නිවැරදිව සිදු කළා නම් කෝටි 65ක් 70ක් අතර ප්‍රමාණයක් රජයට ලබා ගන්නට තිබුනා. නමුත් වාහන වෙන්දේසි කිරිම නතර කර වාහන ටෙණ්ඩර් කරන්න වැඩ සටහනක් සකස් කරලා අති විශාල අලාභයක් මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව සිදු කර තියනවා යැයි ද ඒ මහතා කීය.