නැවතත් නවක වදය ගැන කථිකාවක් ඇතිවී ඇති මොහොතක දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම අත්‍යාවශ්‍ය වැදගත් ප්‍රතිකර්මයක් වේ. වසර 50ක් තිස්සේ සිදුකල පර්‍යේෂණ 300කින් ශාරීරික දඬුවම් සහ යොවුන් ප්‍රජණ්ඩත්වය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, නවක වදය සහ ලිංගික ප්‍රචණ්ඩත්වයන් සඳහා සෘජු බලපෑම් ඇති බව පෙන්වා දෙනවා. ඒ වගේම දඬුවමින් එකම ධනාත්මක ප්‍රතිඵලයක් නැති බවත් පෙන්වා දෙනවා.

නවක වදය අවසන් කිරීමට නම් ප්‍රශ්නය මුල්ගත් වීම නැවැත්විය යුතු අතර ගහ මේරූ පසු පැලැස්තර දමා ප්‍රශ්නය විසඳන්න බෑ.

අපයෝජනයට ලක්වූ වින්දිත දරුවන් 40,000 ගෙ පැමිණිලි ගැනත්, නීති සංශෝධන ප්‍රමාද වීම ගැනත් මාධ්‍ය සාකච්ඡාවේදී කතා කලා. මේ දේවල් ගැන ලියන්න. සිද්දියෙන් සිද්දියට සෝඩා බෝතලේ මූඩිය ඇරියා වගේ තවත් නිව්ස් කට් එකකින් එහා ගිය තිරසර විසඳුම් ගැන රජය බලාත්මක කරන්න.

‘ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය’ ගැන මාධ්‍ය නිවේදනය පහතින්. මාධ්‍යයට පුලුවන් සමාජ ආකල්ප වෙනස් කරන්න නිවැරදි උත්තේජනයක් දෙන්න. ස්තුතියි

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න