බෞද්ධයන් වෙත කෙරෙන විශේෂ ආරාධනාවයි,

සම්මා සම්බුද්ධාවූ ශ්‍රී ශාක්‍යමුණි ගෞතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා සහ මිල කල නොහරී ලෝක බෞද්ධ උරුමයක් වන නිදන් වස්තු තැම්පත් කල කපිලවස්තු ස්තුපය බ්‍රිතාන්‍යන් විසින් 1897 මංකොල්ල කෑ බව ඉතිහාසයේ සදහන් වේ. මෙසේ මංකොල්ල කෑ ධාතුන් වහන්සේලා බුරුම රජුගේ උදව්වෙන් කප්පන් මුදලක් ගෙවා නමුදු ඉතිරි නිදන් වස්තු කපිලවස්තු ස්තුපය මංකොල්ල කෑ විලියම් ක්ලැක්ස්ටන් පෙපේ නමැත්තා විසින් එංගලන්තයේ තම නිවසට ගෙන ගොස් මේ දක්වාම පුත්ගලික බුදලයක් ලෙස ප්‍රධර්ශනය කරමින් මුදල් ඉපයීමට භාවිතා කරන ලදී. මෙවැනි ලෝක උරුමයක් පුත්ගලික බුදලයක් ගැනීමට කිසිවෙකුට අයිතියක් නොමැත. එවැනි අයිතියකට හෝ පුත්ගලික ලාබය තකා වෙන්දේසි කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට නොමැත. සම්මා සම්බුද්ධාවූ ශ්‍රී ශාක්‍යමුණි ගෞතම බුදුන් වහන්සේ නමින් එයිතිහාසික පුත්ගලයෙක් ජීවත් වීම පිළිබද ලැබුණු විශාලතම පුරාවිද්‍යා සාධකය වන්නේද මෙකි නිදන් වස්තුන්ය.

වර්තමානයේ එකී විලියම් ක්ලැක්ස්ටන් පෙපේගේ පවුලේ සාමාජිකයන් විසින් සමස්ත බෞද්ධ ලෝකයම කම්පා කරවමින් මෙකි බුදුන් වහන්සේගේ නිදන් වස්තු ප්‍රසිද්ධ වෙන්දේසියේ රුපියල් කෝටි 386කට අධික මුදලකට විකිනීමට කටයුතු යොදා ඇත. දැනටමත් ඉන්දියානු ජනරජය මෙකි වෙන්දේසිය නතර කරන ලෙස ඉල්ලා ඇත. කෙසේ නමුදු බෞද්ධ ජනතාවට වැදුම් පිදුම් කල හැකි වන පරිදි එකී නිදන් වස්තු වල අයිතිය හිමි ඉන්දියාව වෙත මේවා ලබා දෙන ලෙසද, මෙවැනිම අනෙකුත් මංකොල්ල කෑ වස්තුන්ද අප රටවලට නැවත ලබා දෙන ලෙසද විශේෂ වූ ඉල්ලීමක් බ්‍රිතාන්‍ය රජයට හෙට දිනය බාර දීමට මහා සංඝයා වන්සේලා ඇතුළු සිව්වනක් පිරිස කටයුතු යොදා ඇත.

මෙකි ඉල්ලීම හෙට දිනයේ (07 05 2025) පෙරවරු 9.30ට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත බාර දීමට සියලු කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාව සදහා ඔබගේ සහභාගිත්වය අප ඉමහත් බැති සිතින් බලාපොරොත්තු වෙමු.

වෙලාව: පෙරවරු 09.30
ස්ථානය: බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය, බෞද්ධාලෝක මාවත

සංඛ චන්දිම අභයවර්ධන
සංවිධායක මණ්ඩලය වෙනුවෙන්.
0716119347
0712059934

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න