මැයි දිනය දා කොළඹ පැවැති ප්‍රධාන දේශපාලන පක්ෂයක රැලියක් සඳහා ජනතාව රැගෙන ආ බස් රථ අධිවේගී මාර්ගයේ නතර කිරීමේ සම්පූර්ණ වරද බස් රථ රියැදුරන්ගේ බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළේය.

දේශපාලන පක්ෂයට සම්බන්ධ මෙම පිරිස අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ගෙන අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස රැඳී සිටිමින් ආහාර පාන ලබාගෙන තිබුණු අතර ඊට අදාළ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ පාක්ෂිකයන් එලෙස හැසිරුණත් අධිවේගී මාර්ගයේ බස් රථ නැවතිය නොහැකි බව දැන දැනම රියැදුරන් බස් රථ නැවතීමෙන් වරදක් සිදුකර තිබෙන බවය. එම රියැදුරන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න