උත්සව සමයේදී සංවිධානය කරනක්රීනඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්ය  තත්ත්ව වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

සියලුම ක්රීීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා මාර්ගෝපදේශ සෞඛ්යු අමාත්යංොශයේ බෝ නොවන රෝග ඒකකය නිකුත් කර ඇත.

ගම හරහා දිවීම, මැරතන් තරග, පා පැදි වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බව එම මාර්ගෝපදේශයේ සඳහන් වේ.

හඳුනාගත් රෝග සහිත සහභාගී වන්නන් අදාළ ක්රීෙඩා ඉසව්වට සහභාගී වීමට තමන් යෝග්යග බව ප්රසකාශ කරමින් වෛද්ය් අනුමැතිය ලබා දීමේ සහතිකයක්ද ඉදිරිපත් කළ යුතුව තිබේ.

අලුත් අවුරුදු සමයේ සෑම ක්රීභඩා උත්සවයකදීම පැවැත්වෙන කොට්ට පොර, ගම හරහා දිවීම, පිහිනීම, ඔරු පැදීම, දෙහි ගෙඩිය හැන්ද මත ගෙනයාමේ තරගය, ග්රීවස් ගහේ නැගීම, කඹ ඇදීම, ගෝනි රේස් වැනි තරග ඉසව් සඳහා ද විශේෂිත මාර්ගෝපදේශ රැසක්ද බෝ නොවන රෝග ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න