ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුවරඑලියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරලීමෙන් එම ජිප් රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (27) දින ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ උදෑසන 6.00 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාරගයේ නානුඔය බ්ලැක්ෆූල් මංසන්ධිය ආසන්නයේ දීය.

ධාවනය වෙමින් තිබූ ජීප් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන ඇති ජීප් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කොන්ක්‍රීට් සැතපුම් කණු කිහිපයක් කඩාගෙන අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් වූ නානුඔය ඔයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවත්, ජීප් රථය අනතුරට පත්වන අවස්ථාවේ ජීප් රථය තුළ තිදෙනෙකු ගමන් කර ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.

අනතුරින් ජීප් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න