ඒ අනුව මාලිමා රජය බාර් ලයිසන් තොගයක් නිකුත් කළා.

මෙහි විශේෂත්වයක් තියෙනවා.

මේ අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේම අත්සනින් එක් විශේෂ බාර් ලයිසන් එකක් නිකුත් කරලා තියෙනවා.

ඒ බාර් ලයිසන් එක සාමාන්‍ය ලයිසන් එකක් නෙවෙයි, F.L 1 බාර් ලයිසන් එකක්.

F.L 1 යනු බාර් ලයිසන් කිව්වට අරක්කු විකුණන ලයිසන් නෙවෙයි.

අරක්කු පෙරීමට ලබා දෙන බලපත්‍රය.

F.L 1 බලපත්‍රය මිල අධිකයි. සාමාන්‍ය ලයිසන් F.L 3 / F.L 4 ඛාන්ඩයේ ඒවා.

මේ බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑම ධනවත්ම ව්‍යාපාරිකයාට.

ඉෂාර නානායක්කාරට.

සරලවම අනුර ඉෂාරට අරක්කු පෙරන්න ලයිසන් එකක් දීලා.

ඉෂාර දැන් ජනපති අනුරගේ සමීපතම හිතවතෙක්.

ඒ වගේම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න විපක්ෂයෙන් ඔලු ගෙඩි බාන සෙල්ලමට ෆන්ඩ් කරන්නේ ඉෂාර

(ජෙප්පොන්ට බිලියන ගණන් FD තිබුණට ඒ සල්ලි හොලවන්නේ නෑ. එදිනෙදා පොලිටික්ස් කරන්නේ මේ වගේ උදව් / කප්පම් වලින්)

කොළඹ සෙල්ලමට ෆන්ඩ් කිරීම වෙනුවෙන් ඉෂාරට ලබා දීපු කප්පම තමයි F.L1 ලිකර් ලයිසන් එක.

මේ ආණ්ඩුව මොනා නැතත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් තවත් ධනවත් කරමින් ඉන්නවා.

ශ්‍රී ලංකන් ධම්මිකට. නඩත්තුව මහජන බදු මුදලින්.

ලුණු වලින් රයිගම් රවීට. රුපියල් 24 ට ලබා ගන්න ආනයනික ලුනු කිලෝව ජනතාවට රුපියල් 350 යි.

හාල් වලින් ඩඩ්ලි ට. මේසෙට ගහලා වැඩි කරලා දුන්නේ.

කන්ටේනර් වලින් හනීෆාට. කන්ටේනර් 329 ලයිස්තුව තවමත් නැහැ.

දැන් අරක්කු වලින් ඉෂාර නානායක්කාරට.

ධනපතියන්ගෙන් අරන් පොඩි මිනිස්සු දියුණු කරාවි කියලා හිතලා මාලිමාවට කතිරේ ගහපු උදවියට දැන් මොකද හිතන්නේ ? 🤌😂

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න