පසුගිය පළාත් පාලන ආයතන ඡන්දයේ පක්ෂ සහ කණ්ඩායම් තෝරා එවිය යුතුව සියලුම සහිතයන්ගේ නම් මැයි 30 දින මධ්‍යම රාත්‍රී 12.00.ට පෙර තේරීම්භාර නිලධාරී වෙත එවිය යුතු බව මැතිවරණයන් කොමිෂන් සභාව සඳහන් කරයි.
පලාත් පාලන ආයතන වල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත් වු සහ තෝරා ඒවා ඇති සහිකයන් ගැසට් පත්‍රයේ පළ කළ යුතු නිසා එම දැනුම්දීම කර ඇත.
ඡන්ද විමසීම අවසන් වී දින 21 ක් ගතව ඇතත් සභික තෝරා එවිය යුතු නියමිත සහිත සංඛ්‍යාව මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාව වෙත එවා නොමැතිබව එහි දැක්වේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 අධිකාරය) 76අ වගන්තිය යටතේ එම නියමය කොමිෂන් සභාව දැනුම් දී ඇත.
මේ අතර රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයාගේ අංක 2424/02 හා 2025.02.17 දිනැනි ගැසට නිවේදනය අනුව ජුනි 02 වැනි දින සිට පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ විය යුතු බව නියම කර ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු පක්ෂය/ කණ්ඩායම් එකී පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ වූ කාන්තා සහිකයන් ඇතුළුව තෝරතුරු එවිය යුතු සහිකයන් මැතිවරණ කොමිෂන් සභාව වෙත එම ඡන්ද විමසීම අවසන් වූ විගස දැනුම් දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්කර ඇත.
මෙම නියමය මැතිවරණ කොමිෂන් සභාව අංක 2438/13 දරන මැයි 27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ ද පළ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.