දෙහිවල ගල්කිස්ස නගරාධිපති අපේක්ෂක (සජිත්ගේ ප්‍රේමදාසගේ දුරකතන පක්ෂය ! සමගි ජන බලවේගය!
කුමන හෝ දේශපාලන පක්ෂයක දූෂණ චෝදනා එල්ල වී ඇති පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් වී ඇත්නම් ඔවුන් පරාජයට පත් කිරීම සඳහා ගමේ ජනතාව කටයුතු කළ යුතු බව සමග ජන බලවේග දෙහිවල ගල්කිස්ස නගරාධිපති අපේක්ෂක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මෙරට පළාත් පාලන ආයතන රැසක් පසුගිය කාලයේදී දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධ චෝදනා එල්ල වූ අතර පළාත් පාලන ආයතන තුළ පිරිසිදු පාලනයක් ඇති කිරීම සඳහා කුමන හෝ දේශපාලන පක්ෂයක රට ගැන අනාගතය ගැන දැක්මක් ඇති නවක අපේක්ෂකයින් නායකයින් ලෙස තෝරාපත් කර ගැනීමට ගමෙ ජනතාව සූදානම් විය යුතු බව ඔහු සඳහන් කරයි.
ගොඩනැගිලි හා නිවාස සැලසුම්, මාර්ග සංවර්ධනය සෞඛ්‍ය, සනීපාරක්ෂාව ඇතුළු පළාත් පාලන ආයතන මගින් ඉෂ්ට කළ යුතු සේවා රැසක් පසුගිය කාලයේදී නිසි පරිදි ඉටු නොවූ අතර මෙම බොහෝ සේවා ලබා ගැනීමේදී පළාත් පාලන ආයතනවල සිදුවන දූෂණ වංචා නිසා සාමාන්‍ය මහජනතාවට විශාල වශයෙන් පීඩාවට පත්වන බවත් ආයතන වල සේවය කරන පහළ සේවකයාගේ සිට ඉහළ නිලධාරීන්ට අල්ලස් ලබා දීමට ජනතාවට සිදුවන බවත් ඔහු සඳහන් කරයි.
මේ තත්ත්වය වළක්වා ගැනීමට ආණ්ඩු පක්ෂය ලෙස හෝ විපක්ෂය ලෙස හෝ පළාත් පාලන ආයතන සඳහා තෝරා ගන්නා සභිකයින්
ජනතාවට වගකියන හා විශ්වාසවන්ත පුද්ගලයන් විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශය තුළ පළාත් පාලා ආයතනයන්හි පවතින දූෂණ ආක්‍රමිකතාවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ලංකාවේ හොඳම නගර සභාව බවට දෙහිවල ගල්කිස්ස නගර සභාව පත් කරන බව ද ඔහු සඳහන් කරයි.