මේ ඡායාරූපවල තියෙන්නේ දන්සැල් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි මහත්තුරුන්ගේ ඇස ගැටුණු සීන් ටිකක්. (සෞඛ්‍ය ආරක්ෂිතව, පිරිසිදුව උවමනාවෙන් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් පවත්වාගෙන යන දන්සැල් අතර මෙවැනි ඒවාද නැතුවා නෙවෙයි. එවැනි අවස්ථාවල දී එක්කෝ මේ වැරදි නිවැරදි කරවන්න වෙනවා. බැරිමනම් දන්සැල් වසා දමන්නට ද සිදු වෙනවා.)සමහරු කපල ශුද්ධ කරපු මඤ්ඤොක්කා හිස් දැල් මළුවලට (Polysack bags) දාලා කල්දේරම්වල තම්බා ගන්නවා . මෙහෙම කරන්නේ තැම්බිච්ච අල මල්ල පිටින් එළියට ගත්තාම වතුර බේරන්න ලේසි නිසාලු. මල්ලේ තියෙන ජරාවයි, ඩයි ටිකයි, පිළිකාකාරක ටිකයි අලවලට උරාගන්න එක අදාලම නෑ. මේ වැඩේ නූල්ඩ්ස්, අර්තාපල් තම්බනකොටත් සමහරු කරනවා.මීට අමතරව ඇතැම් දන්සැල්වල ආහාර සකස් කරන්නට, පිසූ ආහාර ගබඩා කරන්නට, පිරිනමන්නට ප්රමිතියෙන් තොර බාල ප්ලාස්ටික් පොලිතීන් වර්ග භාවිත කරනවා.

*** මේ වැඩේ භයානකකම ගැන දන්නවාද. ??? ඕන් එහෙනම් බලාගන්ටකෝ..

වියන ලද පොලිප්‍රොපිලීන් (PP) ⁣වලින් සාදන ලද පොලිසැක් බෑග්වල, ඩිරෙක්ට් ආහාර සමඟ කන්ටෑක්ට් ⁣වෙන ආහාර ඇසුරුම් කිරීම තහනම්.
පොලිසැක් බෑග් විතරක් නෙවෙයි ෆුඩ් ග්රේඩ් නොවන (ආහාර ඇසුරුම් කිරීමට නිර්දේශ නොකළ) ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනයේදී ඒවාට ඇඩ් කරන බැර ලෝහ, වර්ණක සහ සමහර ප්ලාස්ටිසයිසර්ස් වර්ග සහ ආකලන ද්රව්‍ය මිනිස් සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකරයි. (ෆුඩ් ග්රේඩ් ප්ලාස්ටික් වල උනත් මේ ඇතැම් හානිකර රසායනික ද්රව්‍ය තිබෙන නිසා කිසිම ප්ලාස්ටික් වර්ගයක් 100% සේෆ් නෑ.
මේවායේ සුලභව අඩංගුවන අහිතකර රසායනික ද්රව්‍ය කීපයක් තමයි මේ පහළින් දාලා තියෙන්නේ. ඒවායේ පැටිකිරිය ගැන වැඩිමනක් තොරතුරු අවශ්‍ය කෙනෙකුට ගූග්ල් සර්ච් කරල බලතෑකි.

  • පොලිසැක් සහ පොලිතීන් බෑග් රත් කරණකොට විශේෂයෙන් නිකුත්වන භයානක කෙමිකල් වර්ග දෙකක් විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා. ඒවා තමයි ටොලුයීන් සහ බෙන්සීන්. (Toluene and Benzene) බෙන්සීන් නොම්මර එකේ පිලිකාකාරකයක්. ටොලුයීන් ස්නායු ඩැමේජ් කරනවා. (Toluene can cause nervous system damage. )
  • බැර ලෝහ- ලෙඩ් , ක්රෝම්යම්, නිකල්, රසදිය (Lead (Pb), chromium (Cr), cadmium (Cd), and mercury (Hg)
  • ප්ලාස්ටිසයිසර්ස් (plasticizers)
    බිස්ෆීනෝල් ඒ. bisphenol A (BPA),
    තැලේට්ස් Phthalates සහ පීඑෆ්ඒඑස්. PFAS
  • වෙනත්, ප්ලාස්ටික් නිෂ්පාදනයේදී එකතු කරනු ලබන ආකලන වර්ග (Plastic Additives )
    මෙතිල් ඔක්සිරේන් (methyl oxirane), සුප්රේන් (supraene), ඩයොක්සීන් (dioxin),
  • මයික්රො සහ නැනෝ ප්ලාස්ටික්

මේ කෙමිකල් වර්ග ඔයාගේ ඇඟට ගියාම එක පාරටම ලෙඩවෙන්නේ මැරෙන්නේ නැති වුනාට, කාලයක් තිස්සේ ශරීගත වෙලා පහුවෙනකොට පහත කියන සෞඛ්‍ය හානි සිදුවෙන්න පුළුවන් කියල තමයි මේ ගැන තියෙන විද්‍යාත්මක තොරතුරුවලින් කියැවෙන්නේ.
පිලිකා, හෝර්මෝන අවුල් වෙන එක, ස්නායු ආබාධ, වර්ධක ආබාධ, ප්රජනන පද්ධතියේ ආබාධ මඳ සරුභාවය, ස්නායු ආබාධ සහ වෙනත් සෞඛ්‍ය ගැටලු මහ ගොඩකට හේතු වෙන්න පුළුවන් .
ඒ නිසා දන්සැල් සංවිධානය කරන ඇත්තන්ට විශේෂයෙන් කියන්ටෝන, පිසූ ආහාර ගබඩා කිරීමේදී, පිසීමේදී, පිරිනැමීමේදී ප්ලාස්ටික් භාජන, බේසම්, කෝප්ප, පිඟන්, කවර මලු වගේ දේවල් භාවිතයෙන් සපුරා ඉවත් වෙන්න. එහෙම නොකළොත් දානේ දෙන්න ගිහින් ආත්ම ගාණකින් ගෙවල ඉවර කරන්න බැරි පවු කන්දරාවක් තමයි ඔයාලට එකතු කර ගන්න වෙන්නේ. 🙏🧡
(පිංතූරවල අයිතිය මුල් හිමිකරුවන් සතුය. තෑන්ක්ස් .)
— ගැමුණු සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක – දෙහිවල ගල්කිස්ස මහානගර සභාව .

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න