වසර 300 ක් පමණ පැරණි දෙගල්දොරුව රජමහා විහාරය මහනුවර ප්‍රදේශයේ ඉපැරණි සිද්ධස්ථානයක් වන අතර මෙම විහාර භූමිය ආශ්‍රිතව සැරි සරමින් සිටි පිඹුරු පැටව් 14 දෙනෙකු නිරුප්‍රදිතව අල්ලා වනාන්තරයට නිදහස් කිරීමට විහාරවාසී පූජ්‍ය වටගමුවේ ආනන්දහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය පියවර ගෙන තිබේ.

ප්‍රථමයෙන් 21 දින මෙම පිඹුරු පැටව් 06 දෙනෙකු විහාර භූමියේසිටියදී අල්ලා මහනුවර ශාන්තසිල්වෙස්තර් විදුහලේ වනජීවී සංගමයේ සාමාජික සිසුන්ගේ සහායෙන්මහනුවර නගරයට නුදුරු දුනුමඩලාව වන රක්ෂිතයට මුදාහැර ඇති අතර 22 දිනයේදීද පන්සල් භූමිය ආශ්‍රිතව සැරිසරමින් සිටි තවත් පිඹුරු පැටව් 08 දෙනෙකු විහාර වාසී භික්ෂූන් වහන්සේලාවිසින් අල්ලාගෙන ඇත.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ සහකාර විදුහල්පතිවරයෙකුවන ආනන්ද හිමියෝ එවරද විදුහල් වනජීවී සංගමයේ සාමාජික සිසුන් කැඳවා ඔවුනට මෙම සතුන්භාරදී ඇති අතර එම සිසුන් සඳහන් කළේ අඩි එක හමාරක් පමණ දිගින් යුත් හොඳින් වැඩුණු මෙමසතුන් 08 දෙනාද ආරක්ෂිතව දුනු මඩලාව රක්ෂිතයට මුදා හැරීමට පියවර ගන්නා බවය.

පිඹුරන් එක් වරකට බිත්තර මගින් පැටවුන් 20-30 අතර සංඛ්‍යාවක්බිහිකරන බැවින්දෙගල්දොරුව විහාරස්ථානය ආශ්‍රිතවමෙන්ම එම ප්‍රදේශය ආශ්‍රිත ගම්මානයේ මෙම පිඹුරු පැටවුන් සිටිය හැකි බැවින් ඔවුනට හිංසාවක්නොකොට අල්ලා දෙගල්දොරුව විහාරස්ථානය වෙත බාර දීමට පියවර ගන්නා ලෙසද ආනන්ද හිමියෝ ඉල්ලීමක්කරති.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න