රජය ගෙන ඒමට නියමිත බිහිසුණු යැයි එදා පවසන ලද තනි කම්කරු නීතිය වහාම මේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කරන්නට සැරසෙන බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබි ඇති බව ජන අරගල සන්ධානය දුමින්ද නාගමුව මහතා පැවසීය.
හිටපු කම්කරු ඇමති මනුෂගේ නානායක්කාර කම්කරු නීතිය ආණ්ඩුව බලයට ගෙන එන්නට කටයුතු කරන බව ද ඒ මහතා කීය.
මෙය ගෙන එන්න තියා ඒ ගැන කතා කරන්න වත් මේ ආණ්ඩුවට කිසිදු අයිතියක් නෑ. මනුෂගේ කම්කරුවන් වහල් භාවය ඇඳ දැමීමේ කම්කරු නීතිය ජන ගත කරන්නට යන ගමනට මේ අය සහයෝගය දෙනවා ද කියා අපිට කියන්න. ජ.වි.පෙ වෘත්තිය සමිති නියෝජිතයන් මේ කම්කරු මර් දන ක්‍රියාන්තවිතය අනුමත කරනවා ද කියා කියන්න යැයි ද ජන අරගල සන්ධානය දුමින්ද නාගමුව මහතා කීය.
මනුෂගෙන අඑන්නේ වහල් කම්කරු නීතයක් කියා ඔබ ආණ්ඩුව බලයට එන්න පෙර වේදිකා දෙවනත් කරමින් කියා සිටියා මතක් නැද්ද කියා අපි අහන කැමැති යි ද ඒ මහතා කීය.
පැය අටේ වැඩ වැරුම වෙනස් කරන්නට මේ පනත මගින් කටයුතු කරන බවත්, දිනකට වැඩ කළ යුතු කාලය පැය 8ක් වුව ද මේ නව නීතිය අනුව පැය 16 දක්වා වර් ධ නය කරන්නට කටයුතු කර කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
කම්කරුවා බරපතල ලෙස සූර ගෙන කන තත්ත්වයකට පත් කර ගන්නට හැකි තත්ත්වයක් මේ පනත මගින් සකස් කර ඇති බවත් රැකියා ගිවිසුම් කිහිපයක් ඇති කර ගත හැකි ආකාරයට නව කම්කරු නීතිය සංශෝදනය කර තියන බවත්
රකියා ගිවිසුම වෙනස්කර කම්කරුවා රැකියා දෙක තුන කරන තත්ත්වයට පත් කර මේ අනුව කම්කරුවා නැති කරන්නට විනාශ කරන්නට මේ පනත මගින් කටයුතු සම්පාදනය කරන්නට යන බවත් ඒ මහතා පැවසීය.
පැය 16 වැඩ කරන තත්වයට කම්කරුවා පත්කර ජීවිතයක් නැති ජීවිතයක් ඇති මිනිසෙක් බවට කම්කරුවා පත් කරන්නට කටයුතු කරන මහා බියකරු කම්කරු නීතියක් බව මෙම නව කම්කරු නීතිය පෙන්වා දිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
කම්කරුවාට සමාජ ජීවිතය අහිමි කරමින් පවුල් ජීවිතය නැති කරමින් යාන්ත්‍රික මිනිසෙක් බවට මේ කම්කරුවා පත් කරන බවත් මෙම නීතිය මේ වන විට ලංකාවේ නිල නොලත් ආකාරයට ක්‍රියාත්මක වන බවත් සමහර රටවල මෙය දැනට ක්‍රියාත්මක වන බව ද ඒ මහතා පැවසීය.
මෙම භයානක ක්‍රම වේදයන් නීතිගත කරන්නට මේ අය කටයුතු කරන තත්ත්වයක් දැකිය හැකි බවත් මෙම බරපතල කටයුත්ත තමයි මේ ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නට මේ වන විට සැලසුම් සකස් කරන මෙම නව කම්කරු නීතිය මේ ආණ්ඩුව ජනගත කරන්නට සුදානම්වන බව ද ඒ මහතා කීය.
මේ නව කම්කරු නීතිය අනුව වෘත්තිය සමිති හදන්නත් බෑ හැදුවත් ඒවා ක්‍රියාත්මක කරන්නත් නොහැකි බව ද ඔහු කීය.
වෘත්තීය සමිතියක් හදන්න උවමනා නම් සිටිය යුත්තේ සමාජිකයන් 07 ක් පමණයි. නමුත් මේ නව කම්කරු නීතිය අනුව එම ප්‍රමාණය සමාජිකත්වය 100 දක්වා වැඩි කරන්නට පියවර ගෙන තියන බවත්ඒ නිසා කම්කරු වෘත්තිය සමිති හදන්න නො හැකි වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ආණඩුව ගෙන එන්නට නියමිත මේවන විට කතා කාරගෙන යන නව කම්කරු නීතිය අනුව වැඩ වර් ජනය කරන්නට අයිතියක් නෑ හදිසි වැඩ වර් ජයය කරන්නට හැකියාවක් නෑ
ඒ අනුව වැඩ වර්ජන සිදු කරන්නට හැකියාවක් නෑ. නව කම්කරු නීතිය අනුව වැඩ වර් ජ නය සිදු කරන්නට පෙර දින 30 කට පෙර පාලන අධිකාරියට දැනුවත් කළ යුතු ඇති බවත් කර් මාන්ත ශාලාවේ බහුතරයක්ගේ කැමැත්ත ද ලබා ගත යුතු බවත් මෙම නව කම්කරු නීතිය මගින් නීති සකස් කර තියන බව ද ඒ මහතා කීය.
කම්කරුවන්ට ඇති කාන්තා අයිතිය නැති කර ඇති බවත් කොමසාරිස්වරයාගේ විමසීමක් කරන්නට වුවමනාව නැති කර තියනවා.
කම්කරුවන් අතරට ළමා ශ්‍රමිකයන් මේ ගෙන එන්නට ද වයස ප්‍රමාණය අවුරුදු 18 දක්වා තිබු වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා අඩු කර වැඩි ශ්‍රමිකයන් පිරිසක් කම්කරු ප්‍රවාහයට ගෙන විත් කම්කරුවන් අතර ගැටුම් ඇති කර ශ්‍රමික වෙළෙඳ පොළ උඩු යටි කර තියන මේ නව කම්කරු නීතිය ඉතා බියකරු බර පතල තත්ත්වයක් බව ද පෙන්වා දිය හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
කම්කරු කොමසාරි වරයාගේ අනුමැතියකින් තොරව කම්කරුවාගේ අයිතින්ද හෑල්ලුවට පත්කරවන අමුතුම නීති රිති ඇති ආණ්ඩුව ගෙන එන්නට නියමිත සැලසුම් කරන්නට නියමිත මේ නව කම්කරු නීතිය අතිශය බියකරු බව පෙන්වා දිය හැකි බව ද ඒ මහතා කීය.
පවත්වා ගෙන ගිය සේවා ආයතනයක් වසන්නේ නම් එම ආයතනයේ සිටිය එක් කම්කරුවෙකුට රුපියල් ලක්ෂ 25 ක් ලබා දීමේ නීතිය වෙනස් කර මාස තුනක වැටුප් ලබා දීමේ නව නීති සම්පාදනය කරවන මෙම නව කම්කරු නිතීය ඉතාම බිය කරු බව ද ඒ මහතා කීය.
මනුෂ නානායක්කාර ගෙන ආ නති කම්කරු නීතිය තනි කර අසූචි ගොඩක් බවත් මෙය ක්‍රියාත්මක කරන්නට ජාතික ජන බලවේගය කටයුතු කරන්නට කතිකා කරන්නෙ තියා ඒ ගැන හිතන්නවත් මේ ආණ්ඩුවට අයිතියක් ජනතාව වෙනුවෙන් නැති බව පෙන්වා දිය හැකි බවත් ජන අරගල සන්ධානය දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.