පැපොල රෝගයේ අසීමිත ලෙස රටපුරා පැතිර යාමක් මේ දිනවල දක්නට නො ලැබෙන බවත් පැපොල රෝගයට ලබා දෙන ඖෂධවල ද හිඟයක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත් පැපොල රෝගය වැළඳුනු රෝගීන්ට ලබා දෙන ඖෂධ රජයේ රෝහල්වල පවතින බව ද ඒ මහතා කීය.
පැපොල රෝගයට වූ එන්නත්කරණයක් රජයේ රෝහල් පද්ධතියෙන් මේ වන තෙක් සිදු නොකෙරුණු බවත් ඒ සදහා එවැනි අවශ්‍යතාවයක් මතු නො වුනු බවත් ඔහු පැවසීය.
මෙය රටේ ඖෂධ හිඟයක් පවතින බව පෙන්වීමට දරණ ලද වැරදි උත්සහයක් බවත් මෙතෙක් රජයේ රෝහල්වල නොතිබුණ ඖෂධක් යොදාගනෙ එහි ක්ෂණික හිගයක් ඇති වූ බව පෙන්වීමට දරණ උත්සහයක් බව ද ඒ මහතා කීය.
මෙරට ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිඳු හිඟයකින් තොර ව අඛණ්ඩ ව ලබා දීමට රජය කටයුතු කරන බව ද ඒ මහත කීය.
ඊට අදාළ ඖෂධ තොග මේ වන විට රට තුළ පවතින බව ද ඔහු කීය.
එමෙන් ම පැපොල රෝගයට ලබා දෙන එන්නත් මෙ රට එන්නත්කරණ වැඩසටහනේ ඇතුළත් එන්නත් නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
මෙවැනි සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම තුළින් එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටෙන බවත් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.
රජය සහ අමාත්‍යාංශය අපහසුතාවයට පත් කිරීමට අවශ්‍ය නම් වෙනත් ක්‍රමයන් උපයෝගී කරගන්නා මෙන් ද මෙවැනි අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රවෘත්ති උපයෝගී කර ගැනීම නුසුදුසු බව ද, මේ හේතුවෙන් ජනතාව රෝහල්වලට පැමිණිමට බිය වන බවොත්, එයින් එම සෞඛ්‍ය ආයතන පිළිබඳ තිබෙන ජනතා විශ්වාසනීයත්වය බිඳවැටෙන බවත්, එමෙන් ම මෙරට අපේ ජාතික එන්නත්කරණය පිළිබඳ පවතින ජනතා විශ්වාසය බිඳ වැටීම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට යහපත් තත්ත්වයක් නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.