රත්නපුර පොලිස් වසමේ රත්නපුර නගරයේ ප්‍රධාන බාළිකා පාසැලක  ඉගෙනුම ලබන වයස අවු 10 ක් වන අංක 15 පොල්හේන්ගොඩ රත්නපුර ලිපිනයේ පදිංචි ශිෂ්‍යාවකටට එම පාසලේම  ගුරුවරයෙකු වන අංක 250/91/ඩී පිටරවුම් පාර රත්නපුර ලිපිනයේ පදිංචි වයස අවුරුදු 40ක අයෙකු විසින්  දැරියගේ කම්මුලට පහරදුන් බවට සඳහන් කරමින් 2025.05.30 දින රත්නපුර පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇය ප්‍රතිකාර සදහා රත්නපුර රෝහලට ඇතුලත් කර ඇත.

එම දැරිය රත්නපුර ශික්ෂණ රෝහලේ අංක 6 බී වාට්ටුවේ ඇඳ ඉසපත් අංක 60012/25 යටතේ ප්‍රථිකාර ලබා ඇති අතර,  දැරියගේ දෙමව්පියන් විසින් සිදුකර ඇති පැමිණිල්ලට අනුව අදාළ සැකකාර ගුරුවරයා රත්නපුර පොලිසියේ නිළධාරීන් විසින්අත් අඩංගුවට ගෙන ඔහු ඊයේ දින (2) රත්නපුර ප්‍රධාන මහේෂ්ත්‍රාත් සමන් පරනලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වන දින දක්වා රක්ෂිත බන්ධණාගාර ගතකරඇත.

රත්නපුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි මහතාගේ අධීක්ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න