විදේශ රටක සැඟවසිට මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රකට මත්කුඩු ජාවාරම් කාරියකගේ ගෝලයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු සමග අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයයි මිලිග්‍රෑම් 400 ක් සමග පුද්ගලයෙකු 03දා සවස අරම ප්‍රදේශයේදි අරණයාක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව ද අරණායක පොලිසිය පැවසීය .
අත්අඩංගුවට ගෙන ඇත්තේ අරණායක, අරම ප්‍රදේශයේ 43 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බව ද පොලිසිය පැවසීය .
අදාළ සැක කරුගේ නිවසේ අල්මාරියක් තුල ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබෙන බවට අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රාහුල බණ්ඩාර මහතාට ලද තොරතුරක් මත වැට ලිම සිදු කර සැක කරු අත්අඩංගුවට ගෙන ඇතිබවදත් අරණයාක පොලිස් බලප්‍රදේශයේ මෑත කාලයේදී අත්අඩංගුවට ගත් විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගය බවටද සඳහන් ය.
අත්අඩංගුවට ගත් සැක කරු දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ අපරාධ 44 ක් සම්බධයෙන් ඔහුට එරෙහිව අධිකරණවල පැවති නඩු විභාග වලින් අනතුරුව නිතීයෙන් වැරදි කරුවකු කර වසර විස්සක් රක්ෂිත බන්ධනාගාර ගතකර දඩුවම් නියමවූවෙකු බවත් එම දඩුවම් කාලයේදී ඔහුගේ කල්ක්‍රියාව යහපත්ව පවත්වාගෙන ගොස් ඇති බැවින් එම දඩුවම් කාලය වසර පහකට සීමකරිම නිසා නිදහස් වූවකු බවටද පොලිසිය පැවසීය .